(යොහාන් භාසුර සහ අංජුල මහික වීරරත්න)
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියට බාධාවක්ව පැවති මතභේදයට තුඩුදුන් පඬු කරඳ ගස කපා ඉවත් කළේ ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
දේශපාලන හා වෙනත් විවිධ හේතූන් මත අවුරුදු එකසිය ගානක් පරණයි, මේක මෙතනින් ඉවත් කරන්නට දෙන්නෙ නැහැ " කියමින් ඉවත් කිරීමට ඉඩ නොදුන් මෙම ගස ඉතිරි කරමින් මාර්ගය ඉදි කිරීමට අමතර රුපියල් බිලියන 15ක මුදලක අලාභයක් වන බවත් රට අන්තයටම වැටී තිබෙන අවස්ථාවක වුවත් අධිවේගී මාර්ග කෙසේ හෝ නිම කිරීමට උත්සාහ කරන අවස්ථාවේදී මෙම ව්‍යාපෘතිය සිදු කෙරෙන ප්‍රදේශය අවට අවුරුදු 40 කට වඩා පැරණි පඬු කරඳ ගස් 15ක් පවතින්නේ යැයි වාර්තා වූ බවත් අමාත්‍යවරයා කීය.
මෙම සියලු කරුණු කැබිනට් මණ්ඩලය වෙත දැනුම් දුන් බව කී අමාත්‍යවරයා මෙය විශාල අපරාධයක් අපරාධයක් යැයි බොරුවක්, මිත්‍යාවක් රට පුරා වපුරා සිදු කළ කඩාකප්පල්කාරී තත්වයක් බවදසඳහන් කළේය.
අවට පවතින ගස් ප්‍රමාණය පිලිබඳවත්, උද්භිද විද්‍යාඥයින් ඕනෑතරම් ශාක ප්‍රමාණයක් වගා කර දිය හැකි බවත් ප්‍රකාශ කර තිබෙන බවත් වැඩිදුරටත් කීය.
ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමා විසින් අද (07) පැවති කැබින්ට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී එසේ පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක් කරලා තියෙන්නේ... බොරු ගොන් JVP යක්කු නිසා සංවර්ධන වැඩක් පමාවුණා. දැන් ඉක්මනට පාර හදන්න.. අපිට පාර ඕනේ ඉක්මණට...
ඔය වගේ බෝගස් තියනවා පාර මැද ට්‍රැෆික් හදන.. කරුණාකර ගලවලා දාන්න...
ඔය කියන කැබිනෙට්ටුවේ කීදෙනෙක් දන්නවද මේ රටේ ජෛව විවිධත්වය ගැන...? අනිකුත් රටවලට නම් නිසි වගකීමක් ඇති උගත්, කැබිනෙට්ටු කරන්නේ තම උරුමයන් නිසිලෙස ආරක්ෂා කරමින් රට සංවර්ධනය කරගැනීමයි. මෙරට...?
බලු මූණක් තියෙන්නේ .ගොබ්බයා
ඕනෑතරම් හිටුවලා දෙන්නම් කිව්වාට ඕක අන්තිමේ අමතක වෙලා යනවා... කවදාවත්ම හිටුවන්නේ නැහැ... කපන්න ඉස්සරවෙලා. අලුතින් ගස් හිටුවලා කැපුවා නම් හොඳ නැතෙයි..!
කැබිනට් එකේ ඉන්න වැඩිදෙනා අටවත් පාස් නැති මෝඩ හරක් නේ...
බන්දුලා ඉඳලා හිටලා ලංගමේත් යන්න. රැන්ඩම්ලි යන්න. අඩු තරමින් ඉන්දියානු ලොරි, බස් සෝදලා වත්ද කියා බලන්න...
කැබිනෙට්ටුව කියන්නේ විද්වත් මණ්‌ඩලයක්ද? අපේ රටේ කාලකන්නි දේශපාලුවන් නොදන්න විෂයක් නෑ...
ඕන තරම් නෙවෙයි, 10ක් හිටවලා පෙන්නන්න. ඔබලාට ඡන්දෙ දෙනවා.
ඕනේ දෙයක් කරන්න පුලුවන්ද?