IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පඬු කරඳ ගස කැපුයේ කැබිනට් අනුමැතියෙන්

(යොහාන් භාසුර සහ අංජුල මහික වීරරත්න)

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියට බාධාවක්ව පැවති මතභේදයට තුඩුදුන් පඬු කරඳ ගස කපා  ඉවත් කළේ ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

දේශපාලන හා වෙනත් විවිධ හේතූන් මත අවුරුදු එකසිය ගානක් පරණයි, මේක මෙතනින් ඉවත් කරන්නට දෙන්නෙ නැහැ " කියමින් ඉවත් කිරීමට ඉඩ නොදුන් මෙම  ගස ඉතිරි කරමින් මාර්ගය ඉදි කිරීමට අමතර රුපියල් බිලියන 15ක මුදලක අලාභයක් වන බවත් රට අන්තයටම වැටී තිබෙන අවස්ථාවක වුවත් අධිවේගී මාර්ග කෙසේ හෝ නිම කිරීමට උත්සාහ කරන අවස්ථාවේදී මෙම ව්‍යාපෘතිය සිදු කෙරෙන ප්‍රදේශය අවට අවුරුදු 40 කට වඩා පැරණි පඬු කරඳ ගස් 15ක්‌ පවතින්නේ යැයි වාර්තා වූ බවත් අමාත්‍යවරයා කීය.

මෙම සියලු කරුණු කැබිනට් මණ්ඩලය වෙත දැනුම් දුන් බව කී අමාත්‍යවරයා මෙය විශාල අපරාධයක් අපරාධයක් යැයි බොරුවක්, මිත්‍යාවක් රට පුරා වපුරා සිදු කළ කඩාකප්පල්කාරී තත්වයක් බවදසඳහන් කළේය.

අවට පවතින ගස් ප්‍රමාණය පිලිබඳවත්, උද්භිද විද්‍යාඥයින් ඕනෑතරම් ශාක ප්‍රමාණයක් වගා කර දිය හැකි බවත් ප්‍රකාශ කර තිබෙන බවත් වැඩිදුරටත් කීය.

ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමා විසින් අද (07) පැවති කැබින්ට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී එසේ පැවසීය.



අදහස් (10)

පඬු කරඳ ගස කැපුයේ කැබිනට් අනුමැතියෙන්

Jagath Tuesday, 11 July 2023 08:53 PM

හොඳ වැඩක් කරලා තියෙන්නේ... බොරු ගොන් JVP යක්කු නිසා සංවර්ධන වැඩක් පමාවුණා. දැන් ඉක්මනට පාර හදන්න.. අපිට පාර ඕනේ ඉක්මණට...

:       10       3

Jagath Wickramasekara Tuesday, 11 July 2023 09:43 PM

ඔය වගේ බෝගස් තියනවා පාර මැද ට්‍රැෆික් හදන.. කරුණාකර ගලවලා දාන්න...

:       5       3

ravin Tuesday, 11 July 2023 10:02 PM

ඔය කියන කැබිනෙට්ටුවේ කීදෙනෙක් දන්නවද මේ රටේ ජෛව විවිධත්වය ගැන...? අනිකුත් රටවලට නම් නිසි වගකීමක් ඇති උගත්, කැබිනෙට්ටු කරන්නේ තම උරුමයන් නිසිලෙස ආරක්ෂා කරමින් රට සංවර්ධනය කරගැනීමයි. මෙරට...?

:       1       10

Shan Wednesday, 12 July 2023 02:28 AM

බලු මූණක් තියෙන්නේ .ගොබ්බයා

:       1       8

සත්‍යපාල Wednesday, 12 July 2023 05:39 AM

ඕනෑතරම් හිටුවලා දෙන්නම් කිව්වාට ඕක අන්තිමේ අමතක වෙලා යනවා... කවදාවත්ම හිටුවන්නේ නැහැ... කපන්න ඉස්සරවෙලා. අලුතින් ගස් හිටුවලා කැපුවා නම් හොඳ නැතෙයි..!

:       1       9

Perera Wednesday, 12 July 2023 06:28 AM

කැබිනට් එකේ ඉන්න වැඩිදෙනා අටවත් පාස් නැති මෝඩ හරක් නේ...

:       1       13

සල්ලි Wednesday, 12 July 2023 07:08 AM

බන්දුලා ඉඳලා හිටලා ලංගමේත් යන්න. රැන්ඩම්ලි යන්න. අඩු තරමින් ඉන්දියානු ලොරි, බස් සෝදලා වත්ද කියා බලන්න...

:       0       9

Rata Perata Wednesday, 12 July 2023 12:03 PM

කැබිනෙට්ටුව කියන්නේ විද්වත් මණ්‌ඩලයක්ද? අපේ රටේ කාලකන්නි දේශපාලුවන් නොදන්න විෂයක් නෑ...

:       1       9

Nimal Wednesday, 12 July 2023 12:34 PM

ඕන තරම් නෙවෙයි, 10ක් හිටවලා පෙන්නන්න. ඔබලාට ඡන්දෙ දෙනවා.

:       1       5

P.D Goonawardena Wednesday, 12 July 2023 01:05 PM

ඕනේ දෙයක් කරන්න පුලුවන්ද?

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site