
තලේබාන් ත්රස්තවාදීන් කාබුල් අගනුවර අල්ලා ගනිදිද්දී, ඇෆ්ගන් සිවිල් වැසියන් දහස් ගණනින්, රටින් පිටවී යෑමට කාබුල් ගුවන්තොටුපොළට එක්රොක්වීමත් සමඟ මහා ගාලගෝට්ටියක් හටගත්තේය.
ගුවන්තොටුපොළේ මගී පර්යන්තයේ සිටි පිරිස්, එකිනෙකා පෙරළා ගනිමින්, තල්ලු කරමින් බස් රථ සහ ලොරි රථවලට ගොඩවී එල්ලෙන්නාක් මෙන් ගුවන් යානාවලට ගොඩවීමට උත්සාහ ගන්නා අයුරු දුක්වෙන ඉතාමත් ඛේදනීය වීඩියෝ දසුන් සහ ඡායාරූප මේ වනවිට විදෙස් මාධ්‍ය ඔස්සේත් සමාජ මාධ්‍ය ඔස්සේත් දකින්න ලැබේ.

ඇතැමුන් ගුවන් යානාවල තටුවල සහ රෝදවල එල්ලී යෑමට උත්සහ ගත් අතර ඔවුන් ගුවන් යානාවලින් පහළට ඇද වැටෙන වීඩියෝ දසුන් ද විදෙස් පුවත් සේවා ඔස්සේ විකාශනය වේ.
ඊට අමතරව ගුවන්තොටුපොළේ සිදුවුණු තෙරපීම් නිසා කාන්තාවන් කුඩා දරුවන් ඇතුළු බොහෝ දෙනකු ජීවිතක්ෂයට පත් වුණු බව ද වාර්තා වේ.
(ඩේලිමේල් ඇසුරිනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙ කට්ටියක් ඕනෙ කියලා දඟලන්නේ ඕක හින්දා නේද?
ඇමෙරිකන්, එක්සත් රාජධානියේ මිනිස්සු ගිය තැන විනාශ කරනවා.. ජපානයට බෝම්බ දැම්ම වියට්නාමය දෙකට බෙදුවා. ඉරාකයේ සදාම් හුසේන් මැරුවා. ඉරානය විනාශ කළා. තව කියන්න ගොඩයි.
ඒ කියන්නේ මෙච්චරකල් තලෙයිබාන් එවුන්ව කන්ට්‍රෝල් කරලා තියෙන්නේ, බටහිර ජාතීන්ද? අනේ මන්දා මට නම් මේක පැහැදිලි මදි...
දිශාන් මහත්තයෝ, නොදන්න දේවල් ගැන කතා නොකර ඉන්න එක හොඳයි නේද?
2001 බාමියන් බුදු පිළිම විනාශ කලා. ඊට පස්සේ ඇමරිකාව ඇෆ්ගනිස්ථානයට කුඩු වෙනකම් ගැහුවා. එම බාමියන් බුදු පිළිම විනාශ කරන්න මුල් වුන ඔසාමා බින් ලාඩන් මරලා අල්ලා ගාවට යන්න බැරි වෙන්න මරලා මුහුදට දැම්මා. අල්ලා වෙනුවෙන් සුපර් මාර්කට් ගිය කුරාණය අකුරටම ක්‍රියාත්මක කල අල්ලාගේ කියමන් හොදටම කරපු එකාට. අද නැවත ඇෆ්ගනිස්ථානය තිබුනට වඩා අපායක් වී ඇත. 2001- 2021 අවුරුදු 20යි. බාමියන් බුදු පිළිම කඩලා 2001 අවුරුද්දේ පටන් ගත්තා. තාම ඉවර නැත. බුදු පිළිමය යනු බුදු දහම නොවේ. නමුත් බුදු රජාණන් වහන්සේ නියෝජනය කරන සංකේතයක්. ඒ තුළ බුදු රජාණන් වහන්සේගේ අනන්ත ගුණය, අනන්ත සීලය, අනන්ත සේවය නියෝජනය කරයි. උන්වහන්සේ ඉගැන්වූ ජීව හිතවාදී දහම. සත්‍ය/ඇත්ත ගැන ඇති කරගත් තරහ. එය අනුමත කල එරට බහුතරයක් ජනතාව නිසා අවුරුදු 20 රටම අපායක් වී ඇත. තවම ඉවර නැත. බුදු රජාණන් වහන්සේ ජීවමාන නෑ. ධර්ම රත්නය ජීවමාන නෑ. මහා සංඝරත්නය ජීව මානයි. තෙරුවනින් ජීවමාන එකම රත්නය මහා සංඝරත්නය. ලංකාවේ බණ්ඩාරනායක මහතා ගාතනය කල ඔසී කොරයා අතහැර, එය මහා සංඝරත්නය පිට පටවා මහා සංඝරත්නයට කල වැරදි නිසා ලංකාව සිරිමාවෝ පාලනයෙන් පසු පිරිහීමට ගමන් කරයි.
ඇමෙරිකාව අවුරුදු 20ක් මේ රටට ප්රජාතන්ත්රවාදය ගෙනෙන්න උත්සාහ කළා. මේ රටවල් වලට නොගැලපෙන පාලන ක්‍රම ගේන්න බැහැ.
දැන් ඉතින් ආයෙත් කාන්තාවන්ට අධ්‍යාපනය තහනම් .ගෝනි බිල්ලෝ වගේ පොරවාගෙන ඉන්නයි වෙන්නේ