
(අංජුල මහික වීරරත්න)
ආනයන සීමා හේතුවෙන් ඇති වූ අමතර කොටස් හිඟය සහ මිලදී ගැනීමේ මූල්‍ය දුෂ්කරතා නිසා ධාවනයෙන් ඉවත් කර තිබූ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ 175ක් අලුත්වැඩියා කොට නැවත මගී ප්‍රවාහන පද්ධතියට එක් කිරීම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් දැනුම් දීම ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊට අදාළ ලිපි ලේඛන ජනාධිපතිවරයා වෙත බාර දුන්නේය.
වසර තුනකට අධික කාලයක් ධාවනයෙන් ඉවත් කර තිබූ බස් රථ 852 කින් බස් රථ 400ක් නැවත අළුත්වැඩියා කිරීමට ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි මහා භාණ්ඩාගාර ප්‍රතිපාදන යටතේ ඩිපෝ මට්ටමින් ව්‍යාපෘතියක් ආරම්භ කෙරිණි.
ඒ යටතේ වැඩ නිම කෙරුණු බස් රථ 175ක් මෙලෙස බාර දෙනු ලැබූ අතර මේ සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 300කට ආසන්නය. ලංකා ගමනාගමන මණ්ඩලයේ කාර්මික අංශයේ ඉංජිනේරුවරුන්ගේ සහ කාර්මික ශිල්පීන්ගේ දායකත්වයෙන් අදාල අලුත්වැඩියා කටයුතු සිදු කර තිබේ.
මෙම බස්රථ 175 න් 15ක් පාසල් ළමුන් ප්‍රවාහනය සඳහා “සිසු සැරිය” වැඩසටහනට ලබා දීමට නියමිත අතර අනෙක් බස් රථ මගී ප්‍රවාහන අවශ්‍යතා සඳහා යොදා ගැනීමට අදාල ඩිපෝ වෙත බාරදීමට නියමිතය.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති එස්.එම්.ඩී.එල්.කේ.ද අල්විස්, ප්‍රධාන විධායක නිලධාරි මහේෂ් කුලතිලක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස, ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු ලක්ෂ්මන් පුෂ්පකුමාර යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැඩුණ බස් රථ අලුත්වැඩියා කරලා පාරට දාන්න මිලියන ගණන් වියදම් කරලා උත්සව තියෙන මන්ද මාසික දේශපාලනය තව තවත් රට වනසමින් ආතල් ගන්නවා.
මගීන් කී දෙනෙක්ගෙ පණ ගනී ද කියලයි බය.
මේ රටේ පාර්ලිමේන්තු වරප්‍රසාද ලත් සියලුම දේශපාලනඥයන් ඔවුන් සතු එකම ජපන් වාහනයක් හෝ අලුත්වැඩියා කොට භාවිතයට ගන්නේ නැහැ. එහෙව් එකේ බන්දුල ගුණවර්ධන මහතා කැඩී වසර ගණනක් පමණ තිස්සේ ගාල්කොට තිබූ ඉන්දියානු ලොරිචැසි බස් අලුත්වැඩියා කොට මහජනතාව සඳහා ලබා දෙනවා.මෙහි ජනතාව නොසිතන පැත්තක් තිබෙනවා.බස් රථයක් අලුතෙන් ගත්තාම එයට නිසි මිලක් තියෙනවා.ඒත් අලුත්වැඩියා කරන විට වියදමෙහි පාලනයක් නැහැ.අවශ්‍ය නම්,අවශ්‍ය අයට මාටියා පාරක් දාන්න පුලුවන්.මොකෝ මේ රටේ එහෙම නොවෙන රටක් නෙමෙයිනේ.අනෙක් කරුණ නම් මේ වගේ බස්රථ දෙතුන් වතාවක් අලුත්වැඩියා කරන විට යන වියදම බස් රථයක් අලුතෙන් ගන්න යන වියදමට වඩා වැඩියි.රට බංකොලොත් කළ අයගේ පැත්තේ කවදත් සිටි මේ වගේ පොහොට්ටු සාමාජිකයන් ගැන පූර්ණ විශ්වාසයක් තැබිය හැකිද ?
මේ ලොරි වලට බස් කියන්නේ මොන මෝඩයෝ ද? බංදුල ඔහේ ලංගමේ පාර්ලිමේන්තු ගියොත් ආන්න ඒක පොටෝ එකක් දාන්න . උබලා තාමත් රට අන්දනවා උබලාටම හරි යන මාධ්‍ය කාරයොත් ඉන්නවා...
බස් ආනයනය කරන්න දුන්නේ නෑ කියලා බන්දුල කිව්වත්, ඔහුම පසුගිය මාසයේ ඉන්දියන් බස් (ලොරි මොඩල්) 500ක් ගෙන්වලා දැන් පාරේත් දුවනවා. බස් අලුත් වැඩියාවෙන් කාගේත් සාක්කු පිරෙනවා...
වාහන අලුත්වැඩියාව ජනපතිට කියන ලෝකයේ එකම රට...!
ඉන්දියන් ලොරි බස්...