IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


‘පොඩි මැණිකේ‘කොටගලින් නවතී:මගීන් නොසන්සුන්

 

( රංජිත් රාජපක්ෂ)

සංඥා ලබා නොදිම නිසා විනාඩි 30 පමණ කාලයක් කොටගල දුම්රිය ස්ථානයට කිලෝමීටරයක්  පමණ නුදුරින් නතර කර තිබු පොඩි මැණිකේ දුම්රිය පොලිස් නිලධාරින්ගේ මැදිහත් විමෙන්අද  (14)  පස්වරු 1 ට පමණ කොටගල දුම්රිය ස්ථානයට ධාවනය කරවා තිබේ.

එමෙන්ම දුම්රියෙන් ගමන් සිටි මගින් බස් රථ වලින් පිටත් කර යැවිමට පොලිස් නිලධාරින් පියවර ගෙන තිබුණි.

මේ අතර බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රිය නාවලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේදි නතර කිරිම නිසා පොලිස් නිලධාරින්ගේ මැදිහත් විමෙන් එම දුම්රිය නාවලපිටිය දුම්රිය ස්ථානය වෙත ගමන් කර එතැන් සිට මගින්ව බස් රථ මගින් පිටත් කර යැවිමට පියවර ගැණින.

දුම්රියෙන් පැමිණි මගින් කොටගල දුම්රිය ස්ථානයේදි නොසන්සුන්කාරි ලෙස හැසිරිය.

මගින්ගේ සහ දුම්රිය ස්ථානයේ ආරක්ෂාවට පොලිසියට අමතරව යුද හමුදාවද කැදවා තිබුණි.


01.10 p.m

 

( රංජිත් රාජපක්ෂ)

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු පොඩි මැණිකේ දුම්රිය කොටගල දුම්රිය ස්ථානය ආසන්නයේදි සංඥා නොලැබිම නිසා අද(14)  මධ්‍යහන 12 සිට නතර කර ඇත.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩ වර්ජනයක් හේතුවෙන් සියලුම දුම්රිය ස්ථාන වසා දැමිම නිසා කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු පොඩි මැණිකේ දුම්රිය නතර කිරිමට පියවර ගෙන ඇත.

හැටන් දුම්රිය ස්ථානයද මේ වන විට සම්පුර්ණයෙන්ම වසා දමා ඇති අතර , ශ්‍රි පාද වන්දනාවේ පැමිණ දුම්රියෙන් ගමන් කිරිමට පැමිණි වන්දනාකරුවන් ආපසු හරවා යැවිණි.


Update 2.00 p.m




අදහස් (13)

‘පොඩි මැණිකේ‘කොටගලින් නවතී:මගීන් නොසන්සුන්

සනත් Friday, 14 January 2022 01:27 PM

සර් දැන්වත් හිට්ලර් වුනේ නැත්නම් හිටන්ටත් වඩා බලුවෙනවා. එහෙම වුනොත් සොරි සර් අපිටත් අහක බලන්න වෙනවා. ඕක පුද්ගලීකරණය කරන්න. එතකොට ඔය කවුරුවත් ස්ට්‍රයික් කරන්නේ නැහැ...

:       6       40

LalFriday, 14 January 2022 09:39 PM

අපේ සර්ට හරි තීරණ, බුද්ධිමත් මෙන්ම ක්ෂණික තීරණ ගන්න තරම් දක්ෂතාවයක් නැති බව නම් පැහැදිලියි. මොකටද මෙහෙම නායකයින්..?

:       0       5

Sunil Friday, 14 January 2022 01:48 PM

රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණය ඉතාම කාර්යක්ෂමව ක්‍රියාත්මක වෙනවා.

:       6       20

gamunuFriday, 14 January 2022 05:26 PM

පොඩි මැණිකේ ලා ,ලොකු මැණිකේ ලා රජ රට ජජින්ලා මේ සියලු දෙනාගේ වගකීම පුද්ගලික අංශයට භාර දෙන්න .එය ආයෝජෝජනයක් .ලංකාව දියුණු කරන්න පාඩු ලබන රජයේ ආයතනවලට හෝ මුදල් නොමැතිව ණය වලින් දුවන රජයකට බැරි බව තේරුම් ගන්න

:       0       2

akalanka Friday, 14 January 2022 03:07 PM

සර් හිටියා නම් මෙහෙම වෙන්නේ නෑ..

:       0       1

sugath Friday, 14 January 2022 03:08 PM

රටේ ආණ්ඩුව බල්ලාට ගොස් ඇත.

:       0       1

Hafeel Friday, 14 January 2022 03:39 PM

මගේ දැනුම අනුව, මම නිවැරදි නම් සහ ඉතිහාසය කියද්දීත් සේනානායකලා සහ බණ්ඩාරනායක පාලනයෙන් පසුව බලයට ආපු කිසිම ජනාධිපතිලා හෝ අගමැතිලා නිවැරදිව රට පාලනය කලෙත් නැහැ, රටේ ප්‍රශ්න, අවශ්‍යතා හරියාකාරව අවබෝද කරලත් නැහැ සහ ඔවුන්ට ප්‍රශ්නවලට විසඳුමුත් දන්න නැහැ.

:       0       2

Raveendra Friday, 14 January 2022 03:41 PM

ඇත්තෙන්ම මේවගේ පව්කාර කාලකන්නි රජයේ සේවකයන්ගෙන් මහජනතාව කුමක් බලාපොරොත්තු වන්නද ...ඉල්ලීම් පමණක් මුලට ගෙන තම යුතුකම වගකීම අමතක කිරීම මොනතරම් කාලකන්නි කමක්ද ?

:       0       2

Prabha Friday, 14 January 2022 04:16 PM

මෙහෙම මගීන් අතරමන් කරලා ඉල්ලීම් දිනනැවට වඩා හොඳ නැද්ද පාරේ හිඟා කෑවා නම්

:       0       4

බද්රානි Friday, 14 January 2022 04:51 PM

මොනතරම් සුන්දරද මේ අපේ ලාංකික ජීවිතේ? ජනතාව එකිනෙකාව පීඩාවට පත් නොකර සතුට හා ජය එකිනෙකා අතර සමගියෙන් බෙදා ගන්නවා. ඒකටත් එක්ක අර පිටරට ජාතීන්.., ඔවුන්, ඔවුන්ගේම ජාතියට ගරු නොකර, තමන්ගේ ජාතියම පීඩාවට පත් කරමින් පුදුම සතුටක් ලබනවා. ඒ ඔවුන්ගේ ජානවල විපරිත ස්වභාවය වෙන්න ඇති... ඒත් බලන්නකෝ මේ ලෝකයේ උතුම් රටවන ධර්මද්වීපයේ ජීවත්වෙන ජනතාව එකිනෙකාට කරුණාව, මෛත්‍රිය දක්වමින් තමන් ගැනවත් නොසිතා තමන්ගේ ඉල්ලීම් දිනාගන්නා ආකාරයයි. අනෙක් තුප්පහි ජාතීන් ලෝකෙටම අවවාද දෙමින් ඉල්ලීම් දිනාගද්දී අපි ලෝකෙටම ආදර්ශමත් ලෙස ඉල්ලීම් දිනාගන්නා ආකාරය. හරිම ආඩම්බරයක් දැනෙනවා මගේ හිතට...

:       0       3

බන්දුල රත්නායක Friday, 14 January 2022 07:55 PM

ජනාධිපතිතුමනි, මහජනතාවෙනි, මේ කාලකන්නි වර්ජකයන්ට විරුද්ධත්වය ප්‍රකාශ කර යම් දෙයක් කරන්න. යන්තම් සංචාරකයින් පැමිණෙමින් රටට යම් ආදායමක් ලැබෙන මේ අවස්ථාවේ මොවුන් මෙවැනි කඩාකප්පල්කාරී ක්‍රියා කිරීම ත්‍රස්තවාදය හා සමානයි.

:       3       9

Lal Friday, 14 January 2022 09:08 PM

යකෝ.. දැන්වත් දුම්රිය දෙපාර්තමේන්තුව පුද්ගලිකකරණය කරපන්...

:       0       6

BamunuarachchiSunday, 16 January 2022 08:16 AM

එතොට ස්ට්‍රයික් නවතීද මැට්ටෝ ? නැහැ ජේවීපිය තහනම් කරපන්. රට ගිනිතියන්නේ ජෙප්පෝ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1902 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1521 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 532 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site