IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පාඨලී ට එරෙහි නඩුව කැඳවන්න දින දෙයි

(මනෝප්‍රිය ගුණසේකර)

රාජගිරිය ප්‍රදේශයේ 2016 වසරේදී සිදුවූ රිය අනතුරක් සිදු කොට තරුණයකුට බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහි නඩුව නොවැම්බර් මස 23 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා හමුවේ අද (31) නියම කළේය.
මෙම නඩුවට අදාළව අභියාචනාධිකරණයට ඇපෑලක් ගොනු කොට ඇති බවට විත්තිකාර පාඨලී චම්පක රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අමරසිරි පණ්ඩිතරත්න මහතා ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් අනතුරුව විිනිසුරුවරයා එලෙස නියම කළේය”
2016 පෙබරවාරී මස 28 ඩබ්ලිව්.පී. කේ.ටී. 7545 ජීප් රථයේ රියදුරුව සිටිමින් අපරික්‍ෂාකාරීව නොසැළකිලිමත් අන්දමින් එම රථය ධාවනය කොට පුද්ගලයකු හප්පා බරපතල තුවාල සිදුකිරීම, තුවාලකරු රෝහලකට රැගෙන නොයෑම, අනතුර පිළිබඳව පොලිසියට වාර්තා නොකිරීම ඇතු`ථ චෝදනා යටතේ පාඨලී චම්පක රණවක මහතාට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා ඉදිරිපත් කොට ඇත.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී පාඨලී චම්පික රණවක මහතා අධිකරණයේ පෙනී සිටියේය.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අමරසිරි පණ්ඩිතරත්න මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම නඩුවට සමාන නඩුවකට අදාළව තම සේවාදායකයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර අභියාචනයට අනුව මහාධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර ඇතැයිද මෙම නඩුවට අදාලවද තම සේවාදායකයා අභියාචනාධිකරණයට ඇපෑපක් ඉදිරිපත් කර ඇතැයි දැනුම් දුන්නේය”
ඉදිරිපත් වු කරුණු සළකා බැලු විනිසුරුවරයා නඩුව නොවැම්බර් 23 වැනිදා දක්වා කල් තැබීමට නියම කළේය”.
පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනාරාල් මාධව තෙන්නකෝන් මහතා පෙනී සිටියේය.
විත්තිකරු වෙනුවෙන් නීතීඥ අමරසිරි පණ්ඩිතරත්න මහ



අදහස් (1)

පාඨලී ට එරෙහි නඩුව කැඳවන්න දින දෙයි

SAMAN Monday, 31 July 2023 05:52 PM

රාජගිරිය ප්‍රදේශයේ 2016 වසරේදී සිදුවූ රිය අනතුරක් සිදුකොට තරුණයකුට බරපතල තුවාල සිදුකිරීම සහ වහනය නොනවත්වා පලායාම සම්බන්ධයෙන් නඩුවක් ඔහුට ඇත. මොහුගේ බලපෑම් මත අනතුර සැඟවීමට CCTV දර්ශන මැකු සහ රියදුරු වාහනය පැදවූ බවට සටහන් කරගත් පොලිස් නිලධාරීන් මේ වනවිට රැකියාවෙන් ඉවත් කර ඇති බව කියැවේ. මෙවන් සුදු ඇඳගත් මෙවන් චරිත දේශපාලනය කරණා රටක වැරැදි සඟවන, මොවුන්ගේ වැරැදි දූෂිත ක්‍රියාවන් නිසා වෙනත් අය දඬුවම් විඳින දේශපාලන ක්‍රමය වෙනස් විය යුතු බවට රටේ පුරවැසියන් ශ්‍රී ලාංකිකයින් අරගලයකින් ඉල්ලා සිටියේය. SYSTEM CHANGE හි පළමු පියවර වනුයේ අධිකරණ චෝදනා සහ දූෂණ චොදනා නොමැති කණ්ඩායමක් පාර්ලිමේන්තුවට පත්කර ගැනීමට රටේ පුරවැසියන් දැනුවත්වීම වේ...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site