
(තරංග ගුණරත්න)
වැලිගම නගරයේ අයි.ඕ.සි ඉන්ධන පිරහුම්හල වෙත ගෙන එන ලද ඩිසල් රැගත් බවුසරයක් ගොඩබෑමට ඉඩ ලබා නොදීම නිසා දැඩි උණුසුම් තත්වයක් ඇති වී තිබිණි.
වැලිගම නගරයේ අයි,ඕ, සී ඉන්ධන පිරහුම්හල වෙත ඉන්ධන තොග ලැබෙන බවට ලද තොරතුරු මත යතුරු පැදි ත්‍රිරෝද රථ සහ තවත් රථ වාහන විශාල ප්‍රමාණයක් දිගු පෝලිම් වල රැඳී සිටියහ .
අද උදෑසන අටයි තිහට පමණ ඩීසල් රැගත් බවුසරයක් පැමිණ තිබූ අතර මෙහිදී පෙට්ටල් ලබා ගැනීම සඳහා එම ස්ථානයේ රැඳී සිටි රියැදුරන් පිරිසක් විසින් පෙට්‍රල් ලැබෙනතුරු එම ඩීසල් බවුසරය ගොඩ බෑම සඳහා ඉඩ ලබා නොදීමටත් එම ස්ථානයේ මාර්ගය හරස් කරමින් විරෝධතාවයක නිරත වූහ.
අනතුරුව එම ඩීසල් බවුසරය පොලිස් භාරයට ගෙන දැඩි ආරක්ෂිතව තබා ගැනීමට පොලිසිය කටයුතු කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද ශ්‍රී ලංකා පොලීසියට කවුරුවත් බය නැතිබවය මෙයින් පෙනීයන්නේ..?? හැබැයි රට මාස හතකට හාන්සියි..!! පිටරට දෙමළ පත්තරවල පලවෙලා තියෙන ඒවා දැක්කහම ලැජ්ජ හිතෙනවා.... යුද්ධ කාලෙවත් මේවගේ මිනිස්සු හැසිරුනේ නැතිලු..!
මේ සිදුවීම තමයි ඇමති ජවිපෙ පිට දැම්මෙ? මරු ඇමති , මිනිස්සු තමන්ගෙ පීඩනය විරෝධතා ලෙස පිටකරනකොට ඒක ජවිපෙ කරන කඩාකප්පල් ක්‍රියා ලෙස මාධ්‍ය ඉස්සරහට ඇවිත් කියන එක ඇමතිලගෙ සිරිතක් වෙලා. 3% ක් උනාට තියෙන බය? දැන් පොහොට්ටු අය කියන්නෙ එයාල හරිම අහිංසකයි මොනවත් කලේ නැහැ , එහෙම උපාසක මහත්වරුන්ට ජවිපෙ පහර දුන්න කියල.
මෝඩ පිරිසක් . පාලකයන් සැපට ඉන්නව . නිර්ධන පන්ති කෙල ගන්නවා .
මේ අමණ ක්‍රියා දඬුවම් දීමෙන් හෝ නවතා දැමිය යුතුයි. මේවා වහා බෝවන සුලුයි.
මාත් කළුතර තෙල් පෝලිමේ. අපිටත් පෙට්‍රල් නෑ. නමුත් ඩීසල් වාහන තියෙන අයට ඩීසල් දුන්නු අපිට පෙට්‍රල් නැත්නම්, ඔබලාට ඩීසලුත් නෑ කියලා කියන්න පුළුවන්ද?