
රුසියාවේ නිල සංචාරයකට එන්නැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ඇරැයුම් කර තිබේ.
රුසියන් ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ඇරැයුම් කළේ, රුසියාවේ සංචාරයක නියැලෙන ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් හමුවී සාකච්ඡා පවත්වද්දීය. ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි ඉතා සතුටින් එම ඇරැයුම පිළිගනු ඇතැයි එම අවස්ථාවේදී, ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර්, රුසියන් ජනාධිපති හමුවේ පවසා ඇත.
‘මෝදි මාගේ මිතුරෙක්. රුසියාවේ මිතුරෙක්. ඔහු රුසියාවට පැමිණෙනවා නම් එය අපට ලොකු සතුටක්. ඒවගේමයි ගෞරවයක්’ යැයි ජනාධිපති පුටින් ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර්, හමුවේ පැහැදිලි කර තිබේ.
ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් රුසියාවේ මොස්කව් අගනුවරට ගොස් සිටින්නේ පස් දින නිල සංචාරයක් සඳහාය.
ද්වීපාර්ශ්වීය සබඳතා ශක්තිමත් කර ගනිමින්, ගෝලීය වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් රුසියන් රජය සමඟ සාකච්ඡා පැවැත්වීම ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ මෙම සංචාරයේ අරමුණ බව පැවැසෙයි. ඉන්දීය විදේශ අමාත්‍යවරයා සහ රුසියන් ජනාධිපති පුටින් අතරේ, රුසියන් යුක්රේන යුද්ධය, ඊශ්‍රායල හමාස් යුද්ධය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු විය.
රුසියන් යුක්රේන අර්බුදය පමණක් නොව, ඊශ්‍රායල හමාස් අර්බුදය ද සාමකාමීව විසඳීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි උත්සහ ගනී. ඒ සම්බන්ධයෙන් රුසියන් ජනාධිපති පුටින් ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිට ප්‍රසංශා කිරීමට ද අමතක නොකළේය.
2025 නොවැම්බර් මස 04
50
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2005
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පුටින්ගෙන් මෝදිට ඇරැයුමක්