IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


පූජ්‍ය පක්ෂයට කොවිඩ් එන්නත දීම අස්ගිරියෙන් ඇරඹෙයි

(චමිල් රූපසිංහ)

අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ එම පාර්ශවයේ භික්ෂූන් වහන්සේ පිරිසකට කොවිඩ් මර්ධන එන්නත ලබාදීම මහනුවර ජාතික රෝහලේදී සිදු කෙරුණි.

ජනපති හා අගමැති උපදෙස් මත මහා සංඝරත්නය ඇතුළු පූජ්‍ය පක්ෂයට කොවිඩ් එන්නත ලබාදීම ආරම්භ කරමින් අස්ගිරි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන, ලේඛකාධිකරී පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමි ඇතුළු භික්ෂූන් වහන්සේ පිරිසකට මෙදින එන්නත් ලබාදීම සිදුකළහ.

ඉදිරි දින කිහිපයේදී දිවයිනේ සියලු භික්ෂූන් වහන්සේලා වෙත එන්නත ලබාදීමට පියවර ගන්නා බව බුද්ධශාසන අමාත්‍යාංශ ලේකම් මහචාර්ය කපිල ගුණවර්ධන මහතා පැවසු අතර මල්වතු මහ විහාරයේ වැඩවාසය කරන මහ සංඝරත්නය සඳහා 24 දින කොවිඩ් එන්නත ලබා දීමට සැළසුම් කර තිබෙන බවද කපිල ගුණවර්ධන මහතා පැවසිය.



අදහස් (8)

පූජ්‍ය පක්ෂයට කොවිඩ් එන්නත දීම අස්ගිරියෙන් ඇරඹෙයි

NM Sunday, 21 February 2021 03:33 PM

පසුගියදා චම්පික රණවක වෛද්‍යවරුන් පිරිසක් ඉදිරියේ මෙසේ කියා සිටියේය. ඔහු කියා සිටියේ දැන්වත් රටවල් විශේෂයෙන් කැනඩාවට අවශ්‍ය ප්‍රමාණයට වඩා 10 ගුණයකින් කොවිඩ් - 19 එන්නත් ඇනවුම් කර ඇති බවකි. ඒ පිළිබඳව අප සොයා බැලුවෙමු. කැනඩාව පසුගිය වසරේ සංගම් 6ක් සමග එන්නත් මිලදී ගැනීම පිණිස ගිවිසුම් ගතවිය. ඒ සඳහා ඩොලර් බිලියනයකට වැඩි ප්‍රමාණයක් වෙන්කොට ඇත. කැනඩාව එසේ කරන ලද්දේ හේතුවක් ඇතිවයි. එනම් සමාගම් 6ක් සමග ගිවිසුම් ගත වුවද අවසාන සාර්ථක එන්නතක් නිපදවන්නේ කුමන සමාගම්ද කියා කිසිවකු නොදත් නිසා කැනඩාව එසේ කළේය. එසේ කළේ කැනඩාවේ අගමැතිවරයා ජනතාව වෙනුවෙන් ඔහුගේ වගකීම සහ වගවීමක් තිබෙන අගමැතිවරයකු වීම නිසා පමණක් නොව ඒ වනවිට වැක්සීන් ලබාගැනීම සඳහා තිබූ තියුණු තරගය නිසාවෙනි. එපමණක් නොව බොහෝ සමාගම් සඳහා කැනඩාව මිලියන ගණනක් මුදල් ලබා දුන්නේ කෝවිඩ් 19 එන්නත් සඳහා පර්යේෂණ කරමිනි.

:       1       4

NM Sunday, 21 February 2021 03:45 PM

එපමණක් නොව මිලියන 175 ක් සඳහා සහ වෙනත් වෛද්‍ය උපකරණ සඳහා ගිවිසුම් ගතවිය. W.H.O. ලෝකයේ දුප්පත් රටවල් වෙනුවෙන් කරන්නා වූ සේවය සඳහා දැන්වත් රටවල් ඩොලර් බිලියන ගණනින් මුදල් ලබාදේ. W.H.O. මගින් ලංකාව වැනි දුප්පත් රටවල සෞඛ්‍යය සහ ලෝකයේ දියුණු රටවල් ප්‍රබල, නොපෙනෙන සහ එම රටවල් ප්‍රසිද්ධියේ නොකියන්නා වූ දායකත්වයක් ලබාදේ...

:       0       2

Siri Perera Sunday, 21 February 2021 07:39 PM

පූජ්‍ය පක්ෂය මහජනයා සමඟ එකඑල්ලේ සම්බන්ධ නොවේ. ඔවුනොවුන් සමඟ සමීපව කටයුතු නොකරයි.. ඊට පෙර වැඩ කරන ප්‍රජාව ඇතුළුව පාසල් කාර්ය මණ්ඩලයට එන්නත ලබා දිය යුතුයි...

:       0       6

Prabha Sunday, 21 February 2021 09:11 PM

ප්‍රමුඛතාවය දිය යුත්තේ පවුල් රක්ෂා කරන්න එදිනෙදා සමාජයේ හැපෙමින් පොදු ප්‍රවාහන භාවිතා කරන බදු ගෙවන මහජනයාට නේද? 

:       0       6

kamal Monday, 22 February 2021 06:49 AM

ෆුඩ්සිටියේ බඩු කිරන නංගිලාට කළින් මහා සංඝ රත්නෙට මේක දීම ගැන අපගේ ශෝකය...

:       0       5

fairoos Monday, 22 February 2021 12:44 PM

මේක බෞද්ධ රටක්... අනිවාර්යයෙන්ම කරන්න ඕනෑ වැඩක්. එතකොට තමයි ලබන සැරේ ඡන්ද ගන්න පුළුවන්...

:       1       1

vikum Monday, 22 February 2021 01:12 PM

ඔව්, හාමුදුරුවරු මොනවාහරි බෙදනවා කිව්වොත් මලු අරගෙන එයි අරගෙන යන්න, ඔබලා ඔක්කෝටම තියෙන ප්‍රශ්නේ හාමුදුරුවරුන්ට මේක දෙනඑක නේද? අනික මේකේ පිනට හම්බ වුණු දෙයක් මිසක් ඔබලාගේ බත් මුල වගේ හම්බ වුණු එකක් නොවෙයි.

:       1       1

hesa Monday, 22 February 2021 02:55 PM

එන්නත ලබා ගත් අයට කොරෝනා බෝවීමක් නැද්ද..? ඒ අයගෙන් අන් කෙනෙක්ට කොරෝනා බෝවීමකුත් එහෙම නැතිද..? ඒ අය ඉන්පසු මාස්ක් එකක් පළඳින්නත් වුවමනා වන්නේ නැහැ නේද..?

:       4       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 699 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17868 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 762 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site