
(සුජිත් හේවාජුලිගේ)
පළාත් සභාවන්හි සහ නගර සභා ප්‍රාදේශීය සභා ඇතුළු පළාත් පාලන ආයතනවල වාහන දහසකට වැඩි ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.
මින් වාහන බොහොමයක තොරතුරු පවා සොයා ගැනීමට නොහැකිව ඇතැයි පවසන එම ආරංචි මාර්ග සමහර වාහන කොටස්කර විකුණන්නට ඇතැයි ප්‍රබල සැකයක් මතුවන බවද ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් අප රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මෙම වාහන සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීමට අමාත්‍යාංශ මට්ටමින් කිසියම් රහසිගත විමර්ශනයක් කරගෙන යන බවයි.
එසේම මෙම වාහන කිසියම් හෝ ස්ථානයක රඳවා තිබේ නම් ඒවා නොපමාව ගෙන විත් බාර දෙන ලෙස අමාත්‍යාංශය ඉල්ලීමක් කරයි.
වාහන බාර නොදී කිසියම් ස්ථානයක තිබී අත්අඩංගුවට ගැනුණහොත් ඒවා ළඟ තබාගෙන සිටින පුද්ගලයන්ට එරෙහිව නීතිය ඉතා දැඩිව ක්‍රියාත්මක කරන බව අමාත්‍යාංශය පවසයි.
පළාත් පාලන ආයතනවල අතුරුදන් වාහන සම්බන්ධයෙන් විගණන අංශද වෙනම විමර්ශනයක් පවත්වයි.
පළාත් පාලන ආයතනවල වාහන පසුගිය කාලයේදී විධිමත් ක්‍රමවේදයකින් තොරව පරිහරණය කර ඇති බවට විමර්ශනවලදී තොරතුරු අනාවරණයවී ඇත. ආයතන ප්‍රධානීන්ට වෙන් කෙරුණු වාහන යම් යම් දේශපාලනඥයන්ට හිතවත් සාමාන්‍ය සේවකයන් විසින් පාවිච්චි කෙරුණු අවස්ථාද නිරීක්ෂණය වූ බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පේනවනේ නේ හිටපු අයගේ වැඩ. පළාත් සභා අපේ රටට වැඩක්ම නෑ.
කොහොමද අලින්ගෙ අපේ වැඩ.! අපි පුංචි කාලෙ කියවපු “හීන් සැරේ” කටුස්සා තමයි ඔහොම කිව්වේ. තව කටුස්සෝ එයි ඉස්සරහට.
ගෝල බාලයින්ට ඕන දෙයක් කරගන්න ඇරලා ඇහැ කණ පියාගෙන හිටපු මහ එවුන්ටයි දඬුවම් දෙන්න ඕනෑ.
98...99 කාලේ සේරම වාහන වැඩිපුර වාහන සේරම හමුදාවට ගත්තා.. මේ අයට විකාර... මේ අය හදින් ආපු අයනේ ඉන්නේ...
අපි තමයි හොදටම කරේ...