(ඩයනා උදයංගනී)
පළාත් පාලන මැතිවරණය වැළැක්වීම සඳහා රජය පසුගිය මාස දෙක හමාරක කාලයේ දී උත්සාහයන් 7ක් ගනු ලැබුවත් ඒ සියල්ල අසාර්ථක වූ බව නිදහස ජනතා සභාවේ කැඳවුම්කරු, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.
පළාත් පාලන මැතිවරණය මාර්තු 9 වැනිදා අනිවාර්යයෙන් පැවැත්වෙන බවට කිසිම සැකයක් නැතැයි කී මන්ත්‍රීවරයා මැතිවරණයේ කටයුතු ආරම්භ වී ඇති අවස්ථාවක අලුත් මැතිවරණ කොමිෂන් සභාවක් පත්කරන්නට ඔවුන් උත්සාහ කළොත් එය දේශපාලන සදාචාරයට නොගැලපෙන බව ද සඳහන් කළේය.
මැතිවරණ දිනය නම් කිරීමේදී කොමිෂන් සභාවේ සියලු දෙනා එහි නොසිටි බවට තර්කයක් රජය මතු කළත් එය ඉතා ගෝත්‍රීය යල් පැනගිය තර්කයක් බව කී ජී.එල් පීරිස් මහතා මෙය සියලු සාමාජිකයන් එක්වී ගත් තීරණයක් බව මැතිවරණ කොමිෂන් සභා සභාපතිවරයා ප්‍රකාශ කර ඇතැයි ද කීවේය.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ කොළඹ දී අද (23) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මෙවර මෙම මැතිවරණයේ එකම අරමුණ ප්‍රාදේශීය සභා නගර සභා සාමාජිකයන් පත්කිරීමම නොවන අතර, රජයේ ක්‍රියාකාරකම් ජනතා අධිකරණයේ තීන්දුව ලබාදීමට මෙය හොඳම අවස්ථාවක් බව ද මන්ත්‍රීවරයා පැවසීය.
රජය ව්‍යාජ තර්ක ඉදිරිපත් කරමින් මැතිවරණය නොපවත්වන්නට උත්සාහ කරන්නේ එහි ප්‍රතිඵලය ලැබුණු විගස පාර්ලිමේන්තුව විසුරුවා හරින්නට ජන රැල්ලක් ගොඩනැගෙන බව දන්නා නිසා බවත්, මැතිවරණය සඳහා පාර්ලිමේන්තුව වෙන්කළ මුදල ලබාදීම අසීරු බව පැවසීමට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට කිසිම අයිතියක් නැතැයි ද ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතාට කැබිනට් ඇමතිකමක් ලබාදෙමු
අනේ චන්දය තියලා උඹලා ආවා කියලා ජනතාවට ලැබෙන දෙයක් නෑ. මෙච්චර කල් කරපු හැටි දැක්කනේ. අනේ චන්දෙට යන සල්ලි. බඩු මිල තවත් ඉහලට. සාමාන්‍ය ජනතාවට නම් චන්දනෙමෙයි ඕනෑ. දරුවන්ගේ බඩ ගින්න නිවා ගන්න. චන්දෙ ඕනෑ උන් උන්ගේ සල්ලි වියදම් කර චන්දය තියා ගත්තොත් හොඳා
රට මේ තත්වයට පත්වෙන්න උදව් කරපු ඔබලා දැන් සාර්ථකද ?
මෙන්න මේ සීයාවත් ඊළඟ ඡන්දෙන් ගෙදර තියන්න ඕන කෙනෙක්.
මෙන්න මෙයාට තමන්ගෙ උගත් කම වැටහෙන්න පටන් අරන් වගේ. හොරු එක්ක ලගිනකොට ඔව තේරුනේ නැද්ද?