
(නිමල කොඩිතුවක්කු)
පළාත් පාලන මැතිවරණයේදී විපක්ෂයට බහුතරය ලබා දී ඇති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකඟතාවය පළ කරනු ලැබීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී අද (19) පැවති සාකච්ඡාවකදී එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය මෙම එකගතාවය පළ කරනු ලැබීය.
එහිදී සමග ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් නීතිඥ තලතා අතුකෝරල යන මහත්ම මහත්මීන් මේ සඳහා වන ඒකාබද්ධ නිවේදනයකටද අත්සන් තැබූහ.
විපක්ෂයේ අනෙකුත් පාර්ශ්වයන් සමග එක්ව මෙම සභාවල බලය පිහිටුවීම සඳහා වන එකඟතාවයකටද එහිදී පක්ෂ දෙකේ මහා ලේකම්වරුන් එළඹින.
මෙම හමුව සඳහා එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන, නියෝජනායක රුවන් විජයවර්ධන, ජාතික සංවිධායක සාගල රත්නායක, සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලක්ෂ්මන් කිරිඇල්ල, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිමට හොරු එකතුවෙන්නේ නැහැ කියලා කිව්වාට දැන් හොරු සෙට් එකම එකතු වෙලා...
සජිත්ලා ඡන්දෙ කාලේ කියලා තියෙන්නේ ... බොරුම කියලා ඔප්පු කළා... ඉතින් කොහේ ජනාධිපති වෙන්නද 2029?
ගොඩාක් හොඳයි. එකතු වෙන්න. මේ එකම පක්ෂයක් නිසා එකතු වෙන්න ලේසියි, එකතු වෙලා මේ කරුමක්කාර ආණ්ඩුව පන්නලා දාන්න...
වික්‍රමසිංහ, රජපක්ෂ බේරා ගැනීමට සජිත් මද්දුමබණ්ඩාර දංගෙඩියට...
වැලේ වැල් නැතුව ඉඳලා අන්තිමට සජිත් ළඟට ගිහින්.
මේ අර පහුගිය චන්ද කාලේ මගේ ළඟ ඩීල් නැත, මම කිසිම දවසක එජාපය, පොහොට්ටුව සමග එකතු වෙන්නේ නැත කිව්ව සජිත්ද?
හිටපු දූෂිත දේශපාලුවෝ රටම හොරාකාලා කාබාසිනියා කරනකම් බලාගෙන හිටපු උන්, දැන් බලය ගන්න එකතුවෙලා. කිසිම සදාචාරයක්, ලැජ්ජාවක් නැති අය ගැන කවර කතාද?
ගුණාපාලයෝ, ප්‍රාදේශීය සභාවක පක්ෂ දෙකක් එකතුවෙලා, රටක මහ ආණ්ඩුවක් පන්නන්න ප්‍රතිපාදන තියෙන්නේ ව්‍යවස්තාවේ මොන වගන්තියේද? මේ වගේ ආතක්-පාතක් නැති අය තමයි, තවත් රටට කෙළවන්න, රටකාපු තක්කඩි හතිකරේට කඩේ යන්නේ...!
මාළිමා රජයට දැනෙන්න විශාල ඇණයක් ගහලා, හොඳ පොල්ලක් තියන්න වගෙයි මෙ කට්ටිය ලෑස්ති වෙලා ඉන්නේ ... පව් ... අනේ ... පව් !
එළකිරි...!
2024 ජනාධිපතිවරණය වෙලාවෙ සජිත්ට ඕක කරන්න පුලුවන් වුනානම් අද අගමැති කවුද