චීනයේ සහාය ඇතිව පාකිස්තානය ද 'කොවිඩ් 19' වයිරසයට එරෙහිව ප්‍රතිශක්තිකරණ එන්නතක් නිපදවා ඇති අතර, PakVac යන නමින් නම් කළ එම එන්නත එළිදැක්වීම අද (2) සිදුවිය.
PakVac එන්නත නිපදවූයේ පාකිස්තාන වැසියන් 'කොවිඩ් 19' වයිරසයෙන් ආරක්ෂා කර ගැනීමේ ප්‍රධාන අරමුණින් යැයි පාකිස්තාන සෞඛ්‍ය අමත්‍යාංශය පවසා ඇත.
එන්නත් නිපදවීම සිදුවන්නේ ද පාකිස්තාන සෞඛ්‍ය අමත්‍යාංශය යටතේය.
'කොවිඩ් 19 වසංගතයට එරෙහි සටනේදී, අපේ සමීපත මිතුරා චීනය අපට සහාය දක්වනවා. එන්නත නිපදවීමේ දී චීනය අපට සියලුම අමුද්‍රව්‍ය ලබා දුන්නා. එසේ වුවත් එය පහසු කාර්යයක් වුණේ නැහැ. ඒත් අපේ විද්‍යාඥයන් සියලු අභියෝග ජය ගනිමින් එන්නත නිපදවීම කළා' යැයි පාකිස්තාන සෞඛ්‍ය අමත්‍යාංශය පවසයි.
ඉදිරියේ දී PakVac එන්නත සායනික පර්යේෂණවලට යොමු කරන අතරතුරේ මහා පරිමාණයෙන් නිපදවීමට ද කටයුතු යොදන බව සෞඛ්‍ය අමත්‍යාංශය පැහැදිලි කර තිබේ.
පාකිස්තානය ද 'කොවිඩ් 19' වයිරසයෙන් දරුණු ලෙස බැටකන රටකි. ගතවුණු පැය 24 ඇතුළත වාර්තා වූ ආසාදිතයන් ගණන 1,771 කි. ඒ අනුව සමස්ත ආසාදිතයන් ගණන 9,22,824 ක් තෙක් ඉහළ ගියේ යැයි පාකිස්තාන පුවත් සේවා ඊයේ (1) වාර්තා කළේය.
පාකිස්තානයේ එන්නත්කරණ වැඩසටහනක් ද ආරම්භ වී ඇත. පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඇතුළු එරට වැසියන් බොහොමයකට ලැබී ඇත්තේ චීනයේ 'සයිනෝෆාම්' එන්නතය. චීනය පාකිස්තානයට 'සයිනෝෆාම්' එන්නත් නොමිලේ ලබා දී තිබේ.
පාකිස්තාන සෞඛ්‍ය අමත්‍යාංශයට අනුව, මේ වනවිට පාකිස්තානයේ මිලියන 5.3 කට එන්නත් ලබා දී ඇත. එයින් එන්නත් මාත්‍රා දෙකම ලබා දී ඇති පිරිස මිලියන දෙකකි.
(හින්දුස්ථානී ටයිම්ස්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි අපි එයාලට කලින් පැනියක් හොයාගත්තේ
හොද ජොබ් එකක්
ඔක්කොම හොදයි . නම තමයි හරි නැත්තේ ...
ඕකත් ගෙනැල්ලා රටේ අසරණ මිනිස්සුන්ට ගැහුවේ නැතිනම් තමයි පුදුමේ..!!!
දැන් අපට ඒවත් ගහන්න වෙයිද දන්නෑ...
ස්පුට්නික් එන්නත පරක්කු වෙනවා නම් අඩුගානේ මේ එන්නතවත් ගෙන්නුවොත් හොඳා...
තාරාවෙක්ගෙ නමක්....
පැණි බිව්ව මුට්ටි දැම්ම අපිට මොකටද පාකිස්තාන් එන්නත්...?
ඔය වහින් ඔරවා කියන්නේ පාකිස්තානය හැදුවා නම් චීන එන්නත, අපි හැදුවාම මොකද වෙන්නේ කියලනේ..? දැන් බැලුවාම බටහාර බෙහෙත් ගබඩාවක් කරන්නයි යන්නේ...!!!
කලින් හැමෝම කිව්වේ වැක්සීන් හදපු රටවල් ඒකතුවෙලා ගහපු ගේම් ඒකක කියලා දැන් ඒක බොරුවක් කියලා ඔප්පු කරන්න හදනවා .කොහොමද වැඩේ
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගෙ කියනවනේ
ලොකු දෙයක් ඉතින්