
පාකිස්තානයේ රාවුල්පිණ්ඩි නගරයේ, රවාත් පළාතේ ළිඳක් තුළ විෂ වායු කාන්දුවක් සිදුවීමෙන් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
ළිඳ සුද්ද පවිත්‍ර කිරීමට එක් අයකු ළිඳට බැස ඇති අතර, විෂ වායුව ආඝ්‍රාණය වීමෙන් එම තැනැත්තා සිහිසුන් වී තිබේ. පසුව ඔහු බේරා ගැනීමට තවත් හත් දෙනකු ළිඳට බැස ඇති අතර, ඔවුන් ද සිහිසුන් වෙද්දී, සිද්ධිය පොලිසියට දැනුම් දී තිබේ.
පොලිසිය සහ ගලවා ගැනීමේ කණ්ඩායමක් පැමිණ සියලු දෙනා ගොඩට ගත් නමුත් පළමුවෙන් ළිඳ තුළට ගිය තැනැත්තා සහ ඔහු බේරා ගැනීමට ළිඳ තුළට ගිය හත්දෙනාගෙන් සිවු දෙනකු මියගොස් සිටි බව පැවැසෙයි. ඉතිරි තිදෙනා රෝහල්ගත කෙරුණි.
(එන්.ඩී.ටීවී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd