(ටී.කේ.ජී.කපිල )
පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් දෙවැනි දිනයටත් අත්හිටුවීමට තීරණය කර ඇති බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.
ඒ අනුව එළඹෙන මාර්තු 1 දිනයටත් පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් ක්‍රියාත්මක නොවන බව වැඩිදුරටත් පැවසීය .
පාකිස්තානය සහ ඉන්දියාව අතර හටගෙන ඇති යුදමය වතාවරණය නිසා පාකිස්තානු සිවිල් ගුවන් සේවා අධිකාරිය තම ගුවන් කලාපය ඊයේ (27) දහවල් සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගැණිනි.
ඒ අනුව කටුනායක ගුවන් තොටුපළ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවය මගින් පාකිස්තානයේ කරච්චි සහ ලාහෝර් වෙත ක්‍රියාත්මක කරනු ලබන සියලු ගුවන් ගමන් මාර්තු 1 වැනි දා සිට ක්‍රියාත්මක කිරීම අත්හිටුවා තිබේ.
පාකිස්තාන අන්තර්ජාතික ගුවන් සේවය එරට සිට ශ්‍රී ලංකාව වෙත ක්‍රියාත්මක කරනු ලබන සියලු ගුවන් ගමන් ද අත්හිටුවා ඇති බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය .
මේ පිළිබඳව යම් අපහසුතාවයකට ලක්වන ගුවන් මගීන් වෙතොත්, ඔවුන් කටුනායක ගුවන් තොටුපළ හෝ ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඇමතීමෙන් හෝ www.srilankan.com වෙත පිවිසීමෙන් මේ පිළිබඳව වැඩිදුර විස්තර ලබාගත හැකි බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශය නිවේදනය කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක පකිස්තානයට විතරක් නෙමේ, ලෝකෙටම නවත්වනවා නම් තමයි වඩා හොඳ. සුද්දෝ ඉදිරියේ දෙකට නැමී, කටේ තියන දත් තිස් දෙකම පෙන්වා හිනාවෙන සිරි ලන්කන් රූප සුන්දරියන් ශ්‍රී ලාන්කිකයින් ඉදිරීයේ විරිත්තා පින්බීම ගැන මට නම් ඇත්තේ අප්පිරියාවක්. මට නම් නොමිලේ ටිකට් එකක් දුන්නත් ඕකේ යන්නේ නැහැ.