පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ බිරිඳ බුෂ්රා බීබීගේ සමීපතම මිතුරිය ෆාරා ඛාන්, පොලිස් අත්අඩංගුවෙන් බේරී පාකිස්තානයෙන් පලා ගොස් ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.
ෆාරා ඛාන්, පාකිස්තාන රුපියල් බිලියන 6 (ඩොලර් මිලියන 32) මුදල් වංචාවකට සම්බන්ධය යැයි චෝදනා ලැබ සිටින අතර, ඇය සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් ද පැවැත්වෙයි.
ෆාරා ඛාන්, ඩුබායි බලා ගොස් ඇත්තේ ඇමෙරිකන් ඩොලර් 90,000 ක් වටිනා අත්බෑගයක් ද රැගෙන පෞද්ගලික ජෙට් යානයකිනි. එම ගුවන් ගමන සඳහා ඇයට වැයවී ඇති මුදල ඇමෙරිකන් ඩොලර් 50,000 ක් යැයි ද මේ වනවිට අනාවරණය වී ඇත.
බුෂ්රා බීබී යනු පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ තෙවැනි බිරිඳය. ඇගේ සමීපතම මිතුරිය ෆාරා ඛාන්, සිය හිතවතුන්ට ස්ථාන මාරුවීම් සහ තනතුරු ලබා දීමට කටයුතු කර ඇති බව පැවැසෙයි.
පාකිස්තානයේ විපක්ෂ දේශපාලන කණ්ඩායමක් වන මුස්ලිම් ලීගය එන් පක්ෂයේ උප සභාපති මෙන්ම හිටපු අගමැති නවාස් ෂරීෆ් ගේ දියණිය වන මිරියම් නවාස් පවසා ඇත්තේ ෆාරා ඛාන් අගමැති ඉම්රාන් සහ ඔහුගේ බිරිඳ වෙනුවෙන් වංචා සහ දුෂණ සිදු කර ඇති බවය.
(එන්.ඩී.ටීවී.)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
පාකිස්තාන අගමැති බිරිඳගේ යෙහෙළිය රට පනී