(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අගමැති මහින්ද රාජපක්ෂ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්වරු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමට අද (16) සහභාගී නොවූහ.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ රැස්ව්ය.
කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා මෙම රැස්වීම පැවැත්විණ.
රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටින සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රිෂාඩ් බදුර්දීන් මහතා මෙම රැස්වීමට සහභාගී වූයේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවිත්රාට ප්‍රවාහන ඇමැතිකම ලැබුණු සතුටට වෙන්න ඇති අගමැති සහභාගී නොවුණේ... පුතාණෝත් එයාට සපෝර්ට් නෑ.. හා හා...
අගමැතිතුමා නම් වයස නිසා කෝවිඩ් බයට නොආවා කියමුකෝ... ඒත් මේ තරුණ නායකයෙක් කියන සජිත් මහත්තයා මොකද කැලේ පැන්නේ? මගේ වෛද්‍යවරු කියන නිසා මම බෙහෙතුත් විදගත්තා කිව්වා නේද?