IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


පා.මන්ත්‍රී හා හිටපු කතානායක රන්වල අත්අඩංගුවට

(ගයාන් සූරියආරච්චි)

හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර වුට්ලර් මහතා පැවැසීය.

ඒ කිරිබත්ගොඩ, සපුගස්කන්ද ප්‍ර දේශයේදී තවත් මෝටර් රථයක සහ යතුරුපැදියක ගැටී සිදුවූ අනතුර සම්බන්ධයෙනි.

එම අනතුරින් කාන්තාවන් දෙදෙනකු සහ මාස 6 ක බිලිදකු තුවාල ලබා රෝහල් ගත ඇත.

හිටපු කථානායකවරයාද කොළඹ ජාතික රෝහලේ 72 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී සපුගස්කන්ද පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

අනතුරක් වළක්වා නොගැනීම සහ අන්තරාදායක ලෙස රියැපැදවීම යන වරැදි යටතේ ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි වුට්ලර් මහතා කීය.

 



අදහස් (20)

පා.මන්ත්‍රී හා හිටපු කතානායක රන්වල අත්අඩංගුවට

රනේ Friday, 12 December 2025 02:10 PM

නීතිය නම් හැමටම සමාන නීතිය.

:       144       84

වින්සන්ට් කජ්ජා Friday, 12 December 2025 02:25 PM

නියමයි! කලින් ආණ්ඩුවල කාලෙත් මේ විදියටමයි වැඩ කෙරුණේ...

:       87       56

දේශප්‍රිය Friday, 12 December 2025 02:30 PM

එතකොට බීමත්ව රිය පැදවීම. ඒක නෑ, ටෙස්ට් කිරීම හිතාමතාම වෙරි හිඳෙනකම් පමා කරලා. නීතිය සැමට සමානයි කියලා ඩෝබිලා කියනවා...

:       42       173

Rata PerataFriday, 12 December 2025 07:38 PM

නිකන් ගොන් කතා කියන්නේ නැතිව ඉන්න. ඔය වගේ බයියන්ට මේක ඇති සතියක් විතර චූන් වෙන්න.

:       57       5

ඇන්ඩ්රු - තැම්බුත්තේvillage Friday, 12 December 2025 02:34 PM

හෝදපල්ලා හෝදපල්ලා ඔබලාගේ වාරය ඇවිල්ලා. (පැලවත්ත ඩෝබි සංසදයේ අධිපති නජිත්) නීතිය සැමට එක නම් ආචාර්ය තුමාගේ වෛද්‍ය වාර්තාව අරගත්තාද?

:       24       93

Rata PerataFriday, 12 December 2025 07:40 PM

කාලකණ්ණි බයියෙක් වෙන්නේ නැතිව දැන්වත් මොනවා හරි ඉගෙන ගන්න. හාමුලා පැරැදුණු වෛරයට ඔහේ පිස්සෙක් වගේ කියවනවා.

:       65       4

මහසෙන් Friday, 12 December 2025 02:42 PM

මම හිතුවේ උපාධිය හොයන්න ගිහින් ජපානේ අතරමං වෙලා කියලා. රංවල මැතිදුන්...

:       9       92

අරවින්ද මොණරවිල Friday, 12 December 2025 03:09 PM

මහින්දගේ කාලයේ නම් ප්‍රාදේශීය සභා මන්ත්‍රීගේ ඩ්‍රයිවර්ටවත් අත තියන්න පොලිසිය බය වුණා දැන් කසළ ශෝධකයින් වෛද්‍ය වාර්තා හොයනවා...

:       82       61

D. Priyal Preethi Kumara Friday, 12 December 2025 03:39 PM

රියල් ආසියානු ජාන... අයියෝ දුකයි කියලා හිතෙනවා... මේ කමෙන්ට් දකින කොට, මේ වගේ මිනිස්සු ඉන්නේ ආසියාවේ විතරයි..

:       5       22

චන්දිම Friday, 12 December 2025 03:44 PM

එහෙම කොහොමද මාලිමාවේ මන්ත්‍රී වරයෙක් අත්අඩංගුවට ගන්නේ? එතුමා ඒක කලේ නෑ. බීලා හිටියෙත් නෑ. කොටින්ම වාහනේ හිටියෙත් නැහැ. මේවා මේ විපක්ෂයේ වැඩ.. අනික එතුමා ආචාර්ය උපාධි ලාභියෙක්...

:       12       54

Perera Friday, 12 December 2025 03:52 PM

ඔන්න වෙනස. නීතිය දැන් හැමෝටම එකයි. ජනතාවට ජයවේවා...

:       117       33

සම්පත්Friday, 12 December 2025 05:57 PM

පෙරේර සහෝ, නීතිය වසන්ත සමරසින්හ, මහින්ද ජයසින්හටත් උසාවි නියෝග අනුව ක්‍රියාත්මක වුණාද? විසිල් ගැහුවාට බල්ටි නෑ නේද?

:       2       84

පිටරැටියා Friday, 12 December 2025 04:04 PM

කාලයක් දේශපාලුවන්ට රටේ නීතීය වලන්ගු වුනේ නැහැ. දැන් නිතීය කාටත් පොදු බව පේනවා...

:       74       29

ලොක්ක Friday, 12 December 2025 04:23 PM

පොලිසිය අවශ්‍ය කටයුතු කරයි. ඒවට බලපැමක් නැ. රටට අවශ්‍ය එයයි, පාට කන්නාඩි දාලා ප්‍රශ්න දිහා බලන්න එපා ළමයෝ.

:       61       27

Kalum Friday, 12 December 2025 04:58 PM

අත් අඩංගුවට ගත්තට අධිකරණයට ඉදිරිපත් කරන්නේ නැත්තේ ඇයි එහෙම වුනොත් පොලිසිය තමයි හොදටම කලේ...

:       7       58

රතිකිFriday, 12 December 2025 05:19 PM

කැලුම්, ඔයාට ඔය තදියම පහුගිය ආණ්ඩු කාලේ තිබුනේ නෑනේ.

:       41       19

පින්වල Friday, 12 December 2025 05:21 PM

රන්වල අයියා, රණවක අයියාගෙන් උපදෙස් ගන්න.

:       34       18

Frank Friday, 12 December 2025 07:15 PM

ගෙදර යනවා, ටික දවසකින් නඩුත් නෑ මොනවත් නෑ

:       1       39

ගුණරත්න Friday, 12 December 2025 07:33 PM

මාලිමා තොත්ත බබ්බු ටික කියනවා හරිම ශෝක් කියලා, එත් බීලා පැය 12කට පස්සේ ගන්න රිපෝට් වැඩක් නැහැ. එයින් ඔප්පු කරන්න බෑ බීල රිය පැදෙව්වාද නැද්ද කියලා. ඔන්න ආණ්ඩුවේ කූට වැඩ. ඒත් වහල් බබ්බු ටික උඩ පැනගෙන හුරේ දානවා අපේ ආණ්ඩුව තමා හොඳටම කෙරේ ගගා.

:       3       56

Nandana Friday, 12 December 2025 07:52 PM

රටේ කීර්තිය නැතිකරලා, හොර උපාධි දීලා...

:       2       26

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 626 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 527 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site