
(නිමල් ජයරත්න)
ප්‍රවාහන පහසුකම් අඩාල වීම නිසා මනම්පිටිය ශ්‍රී සුවිසුද්ධාරාමාධිපති අලුත්වැවේ සේනාලංකාර නාහිමියන් තම විහාරස්ථානයේ වැඩවාසය කරන සාමණේර භික්ෂූන් වහන්සේලා සමග සිව්පස් නමක් 15 වෙනිදා කිලෝමීටර කිහිපයක් දුර දානමය කටයුත්තක් සදහා පාගමනින් වැඩම කළ ආකාරය ලංකාදීප කැමරාවේ සටහන් වුයේ මේ අයුරුණි.
මහා සංඝ රත්නයට විවිධ පිංකම්වලට මෙන්ම අවමංගල්‍ය උත්සව සභාවලට වැඩම කරවමින් පාංශුකූල කටයුතු සිදු කිරීමත්,ආගමික කටයුතුත් සිදුකිරීමට ඉන්ධන හිඟය දැඩි බාධාවක් වී ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදා පා ගමනින්ම පෙළපාලි යනකොට වැඩිය කසාවත-රුවන නිසා අද රටේ ගරු කරන්නේ බුදු රුවන හා දහම් රුවනට පමනයිද??
දශක 4–5කට පෙර, මෙරට ගම්වල භික්ෂුන් වහන්සේලා සාංඝික දාන සහ අවමංගල්‍ය කටයුතුවලට රථවාහනවලින් වැඩම කිරීම සුලභ නොවීය. පරිසරයට හානියක් නොවන ලෙස, සරලව ජීවත් වන අන්දම වදාළ බුදුන් වහන්සේගේ අනුගාමික පිරිසට මේ ලැබී තිබෙන්නේ එම මාර්ගයේ ගමන් කිරීමට අනගි අවස්ථාවකි. ඉන්ධන සුලභ වූ පසුව ද මෙම පිළිවෙතම රකිත්වා!
මහා සංඝරත්නයේ නිරෝගී සුව උදෙසාත්, මේ සසරේ දුක වඩ වඩාත් අවබෝධ කර ගැනීම උදෙසාත් පා ගමනින් පිණ්ඩපාත වැඩීමමයි භාගයවතුන් වහන්සේගේ නියමය...!
මෙම දසුන තරුණ පරපුරට අරුමයක් වුවද දැනට වසර හතලිහකට, පනහකට පෙර අපගේ ගම්වල සුලභ දසුනක් විය. ලොව පහළ වූ අග්‍රතම පරිසරවේදී ආගමික ශාස්තෘ වහන්සේගේ අනුගාමිකයන් ලෙස මෙය අන් අයටද ආදර්ශයක්ම වේවා!
අනේකවාරයක් ඔබවහන්සේලාට බොහෝම පින්...!
මෙය තමයි විය යුතු... නමුත් වත්මන් ගමේ භික්ෂුව කෙටි දුරක් යාමට පවා දායකයා පහසුකම් සැපයිය යුතුයි... මීට කලකට පෙර බස් කුලිය වුවද දැන් එය රෝද තුනේ වාහන කුලියක් දක්වා වෙනස් කර ඇත. දානෙකට වැඩි භික්ෂුවකට ගමන් පහසුව දෙන ත්‍රිරෝද රියදුරාට දායකයා බත්මුලක් හෝ දෙකක්ද ගාස්තුව සමග දිය යුතුයි. වර්තමානයේ භික්ෂුන් නොදන්නවා වුණාට ගිහිසමාජය මොවුන් පිළිකුල් කිරීමට මෙම තත්ත්වය හේතුවක්ව ඇත...