IMG-LOGO

2025 සැප්තැම්බර් මස 07 වන ඉරිදා


පා ගමනින් දනට වඩින මහා සඟරුවන

(නිමල් ජයරත්න)

ප්‍රවාහන පහසුකම් අඩාල වීම නිසා මනම්පිටිය ශ්‍රී සුවිසුද්ධාරාමාධිපති  අලුත්වැවේ සේනාලංකාර නාහිමියන් තම විහාරස්ථානයේ වැඩවාසය කරන සාමණේර භික්ෂූන් වහන්සේලා සමග සිව්පස් නමක් 15 වෙනිදා කිලෝමීටර කිහිපයක් දුර දානමය කටයුත්තක් සදහා පාගමනින් වැඩම කළ ආකාරය ලංකාදීප කැමරාවේ සටහන් වුයේ මේ අයුරුණි.
මහා සංඝ රත්නයට විවිධ පිංකම්වලට මෙන්ම අවමංගල්‍ය උත්සව සභාවලට වැඩම කරවමින් පාංශුකූල කටයුතු සිදු කිරීමත්,ආගමික කටයුතුත් සිදුකිරීමට ඉන්ධන හිඟය දැඩි බාධාවක් වී ඇත.



අදහස් (6)

පා ගමනින් දනට වඩින මහා සඟරුවන

දෙරුවන Saturday, 16 July 2022 12:12 AM

එදා පා ගමනින්ම පෙළපාලි යනකොට වැඩිය කසාවත-රුවන නිසා අද රටේ ගරු කරන්නේ බුදු රුවන හා දහම්‍ රුවනට පමනයිද??

:       26       2

BT Saturday, 16 July 2022 12:23 AM

දශක 4–5කට පෙර, මෙරට ගම්වල භික්ෂුන් වහන්සේලා සාංඝික දාන සහ අවමංගල්‍ය කටයුතුවලට රථවාහනවලින් වැඩම කිරීම සුලභ නොවීය. පරිසරයට හානියක් නොවන ලෙස, සරලව ජීවත් වන අන්දම වදාළ බුදුන් වහන්සේගේ අනුගාමික පිරිසට මේ ලැබී තිබෙන්නේ එම මාර්ගයේ ගමන් කිරීමට අනගි අවස්ථාවකි. ඉන්ධන සුලභ වූ පසුව ද මෙම පිළිවෙතම රකිත්වා!

:       14       7

කිරි පුතා Saturday, 16 July 2022 02:45 PM

මහා සංඝරත්නයේ නිරෝගී සුව උදෙසාත්, මේ සසරේ දුක වඩ වඩාත් අවබෝධ කර ගැනීම උදෙසාත් පා ගමනින් පිණ්ඩපාත වැඩීමමයි භාගයවතුන් වහන්සේගේ නියමය...!

:       22       10

BT Saturday, 16 July 2022 06:42 PM

මෙම දසුන තරුණ පරපුරට අරුමයක් වුවද දැනට වසර හතලිහකට, පනහකට පෙර අපගේ ගම්වල සුලභ දසුනක් විය. ලොව පහළ වූ අග්‍රතම පරිසරවේදී ආගමික ශාස්තෘ වහන්සේගේ අනුගාමිකයන් ලෙස මෙය අන් අයටද ආදර්ශයක්ම වේවා!

:       2       8

saki Saturday, 16 July 2022 08:02 PM

අනේකවාරයක් ඔබවහන්සේලාට බොහෝම පින්...!

:       1       11

සෙනෙවිරත්න Sunday, 17 July 2022 05:21 AM

මෙය තමයි විය යුතු... නමුත් වත්මන් ගමේ භික්ෂුව කෙටි දුරක් යාමට පවා දායකයා පහසුකම් සැපයිය යුතුයි... මීට කලකට පෙර බස් කුලිය වුවද දැන් එය රෝද තුනේ වාහන කුලියක් දක්වා වෙනස් කර ඇත. දානෙකට වැඩි භික්ෂුවකට ගමන් පහසුව දෙන ත්‍රිරෝද රියදුරාට දායකයා බත්මුලක් හෝ දෙකක්ද ගාස්තුව සමග දිය යුතුයි. වර්තමානයේ භික්ෂුන් නොදන්නවා වුණාට ගිහිසමාජය මොවුන් පිළිකුල් කිරීමට මෙම තත්ත්වය හේතුවක්ව ඇත...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 495 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17073 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 683 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site