
(මොහොමඩ් ආසික්)
ඒහිපස්සිකෝ සාම පාගමට සහභාගී වන දෙස් විදෙස් භික්ෂූන් වහන්සේලාට ජාති ආගම් බේදයකින් තොරට ගෞවර දැක්වීමට හා වන්දනා කිරීමට විශාල පිරිසක් මාර්ග දෙපස එක් රෝක්වී සිටින දක්නට ලැබිණි.
භික්ෂුන් වහන්සේලාට අලවතුගොඩ නගරයෙන් මහනුවර දිස්ත්‍රික්කයට පිවිස අකුරණ අස්නා මුස්ලිම් දේවස්ථානයේ දහවල් දානය පිළිගැන්වීමට සැලසුම් කර තිබුණද කාලය පිළිබඳව ඇති වු ගැටළුවක් හේතුවෙන් විදේශිය භික්ෂුන් වහන්සේලා අලවතුගොඩ ශ්‍රී විසුද්ධාරාම විහාරස්ථානයේදී ද දහවල් දානය වැළඳීමෙන් අනතුරුව නැවතත් සාම පා ගමනට එක් වූ අතර උන් වහන්සේලා සවස 1.30 ට පමණ අකුරණ අස්නා මුස්ලිම් පල්ලියට පැමිණ ගිලන් පස වැළඳීමෙන් අනතුරුව නැවතත් සාම ගමන ආරම්භ කළහ .
සාම පා ගමන පුරා මාර්ගයේ දෙපස විශාල ජනතාවක් ජාති ආගම් බේදවලින් තොරව රැස්ව සිට උන් වහන්සේලා පිළිගැනීම දක්නට ලැබිණ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාගමන යන්නේ දහවල් කාලයේ නිසා තාරා පොළොව හොඳටම රත් වෙලා ගිනියම් වෙලා තියෙනවා. උන්වහන්සෙලාට පහසුවක් වන විදිහට සාමාන්‍ය පාගමන යන මාර්ගය ජලයෙන් තෙත් කළානම් හොඳයි කියලායි මම කියන්නේ.
මේකට තමයි කියන්නේ ආගමික සමගිය කියල. අර කාලකන්නි හැත්තට නයාට අඳුකොල උන.