
(ටී.කේ.ජී.කපිල)
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික රෝෂන් කුමාර මහතාට වෙඩි තබා මරා දැමීම ඇතුළු තවත් මිනීමැරුම් ගනනාවක් සදහා පොලිස් විමර්ශන සදහා අවශ්‍යව සිටි ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වෙනත් නමකින් ඩුබායි යාමට කටුනායක ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගෙන ඇත.
ව්‍යාජ ලේඛනයක් මගින් නම වෙනස් කර ව්‍යාජ ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ඩුබායි බලා පළා යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී , ස්වයංක්‍රීය මුහුණු හදුනා ගැනීමේ පද්ධතිය ෙ( Facial Recognition System ) මගින් හදුනා ගැනීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සැකකරු අත් අඩංගුවට ගෙන තිබේ .
ඔහු ඇල්පිටිය , කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අයෙකි .
ඔහු මෙරටින් පළා යාම සදහා මදුරදූවගේ දිල්ෂාන් මධුසංඛ ද සිල්වා යන ව්‍යාජ නමකින් කූඨ ලෙස සකස් කළ ගමන් බලපත්‍රයක් සකස් කර ගෙන තිබුණි .
ඔහු කළක් ශ්‍රී ලංකා යුධ හමුදාවේ කොමාන්ඩෝ රෙජිමේන්තුවේ සේවය කර , එය හැර ගිය අයෙකි .
මොහු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරිකවරයා වෙඩි තබා මරා දැමීම සදහා ඔත්තු බැලූ බවට පොලිසිය විසින් කරුණු අනාවරණය කර ගෙන තිබේ .
2025 දෙසැම්බර් මස 18
448
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1036
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පී.එච්.අයි මරන්න ඔත්තු බලා රට පනින්න ගිහින් මාට්ටු
Nimal Tuesday, 07 May 2024 11:27 AM
ලංකාවේ ඔක්කොම මැරයෝ ටික ඉන්නේ ඩුබායි වල නේ
චන්දිම Tuesday, 07 May 2024 11:38 AM
මේ මහජන පරීක්ෂක තුමා තවත් වෙද්‍යවරයෙක් සමඟ එක්තරා නාලිකාවක් තුළින් ජනතාවට ඉතාම වැදගත් තොරතුරු රැසක් හෙළි කරමින් පවත්වපු වැඩ සටහනකදී ඔය සුප් කැට සෝස් ආදිය ගැන කල හෙලිදරව්වකින් පසු මෙම ඝාතනය සිදුවී තිබෙනවා. ඒ විතරක් නොවේ ඒ වෛද්‍යවරයාවත් පසුව ඝාතනය කර තිබෙනවා