IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


නුවරඑළියේ එළවළු ඇති තරම් තියෙනවා

(අංජුල මහික වීරරත්න)

නුවරඑළිය දිස්ත්‍රික්කයේ එළවළු සැපයුමේ හිඟයක් නැතැයි නුවරඑළිය  දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී නිලධාරීහු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට දැනුම් දුන්හ.

නමුත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ එළවළු හිඟ බවට මෙන්ම මිල ගණන් ඉහළ ගොස් ඇති බවට පළවන අසත්‍ය පුවත් නිසා දෛනික එළවළු ඉල්ලුමෙහි අඩු වීමක් නිරීක්ෂණය වන බව නිලධාරීහු පැවැසූහ.

ආපදාවෙන් වගා හානි සිදුවුවද නුවරඑළිය දිස්ත්‍රික්කයට අදාල එළවළු අස්වැන්නෙහි අඩු වීම 25%ක් පමණ වන බව පෙන්වා දුන් නිලධාරීන් කියා සිටියේ දෛනික එළවළු සැපයුම නුවරඑළිය දිස්ත්‍රික්කයට සිදුකළ හැකි බවයි.

මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා කීවේ අයහපත් කාලගුණය නිසා නුවරඑළිය දිස්ත්‍රික්කයේ එළවළු වගා හෙක්ටයාර් 1421කට හානි සිදුව තිබෙන අතර, ගොවීන්ට කඩිනමින් වන්දි ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නුවරඑළිය  දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයට සිදුව තිබෙන හානිය සොයා බැලීම සහ ඊට ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මෙම රැස්වීම පැවැත්විණි.



අදහස් (0)

නුවරඑළියේ එළවළු ඇති තරම් තියෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 509 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 474 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site