(බිමල් ශ්‍යාමන්   ජයසිංහ )

තලංගම   අකුරේගොඩ දි නීතිඥවරයාට සහ බිරිඳට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දෙවන වෙඩික්කරු වන හිටපු නාවික සෙබළාට නවාතැන් පහසුකම් ලබා දුන් පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයා අත්අඩංගුවට ගත් මොණරාගල මූලස්ථාන පොලිසිය කියයි.

මොණරාගල මූලස්ථාන පොලිසියට  ලැබුණු තොරතුරක් මත පොලිස් කණ්‌ඩායමක්  මැදගම නන්නපුරාව දිවියාපොළ හන්දියේ පිහිටි තාවකාලිකව  නිවසේ සැඟව සැකකරු සිටියදී  අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර උපකාරක පත්ති ගුරුවරයාට අයත් මොනරාගල නක්කල ටැංවත්ත ප්‍රදේශයේ නිවස  වෙඩික්කරු ඇතුළු තිදෙනාට සැඟවීම සඳහා ලබා දී තිබිණි.

ඉකුත් 13 වැනි දින  එම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන්  වෙඩික්කරුවන් වන හිටපු යුද හමුදා සෙබළු හිටපු නාවික සෙබළුකු ඇතුළු පුද්ගලයන් හත් දෙනකු මේ විට අත්අඩංගුවටවට ගෙන ඇත.