( නිශාන්ත කුමාර)

පස්සර, බල්ලකෙටුව, ගලපිටකන්ද ප්‍රදේශයේ නිවසක් පිටුපස වළ දමා තිබූ බිළිඳකුගේ මළ සිරුරක් ගොඩගත් බව බල්ලකෙටුව පොලිසිය පවසයි .

පොලිසිය ලද තොරතුරක් මත බල්ලකෙටුව පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් මෙලෙස නිවසක් පිටුපස වළ දමා තිබූ බිළිඳු මළ සිරුර ගොඩගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ගලපිටකන්ද ප්‍රදේශයේ 36 හැවිරිදි සිව්දරු මවක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය අද (24) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධීකරණය වෙත ඉදිරිපත්කිරීමට නියමිතව තිබිණි.