(අංජුල මහික වීරරත්න)

සමාජයේ එක පිරිසකට නොව සමස්ත ජනතාවට නිදහස භුක්ති විඳීමට අවස්ථාව උදාකර දීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවැසුවාය.

නිදහස භුක්ති විඳීම සමාජයේ එක පිරිසකට පමණක් සීමා වී තිබුණ බවද අග්‍රාමාත්‍යවරිය කීවාය.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යංශයේ පොහොසත් ගමක් ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කළ අඟුණුකොළපැලැස්ස වැව ආශ්‍රිතව බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කරමින්  අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මේ බව කීවාය.

අඟුණුකොළපැලැස්ස "leisure Island" බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියට සමගාමීව බෝට්ටු අංගනය සහ  leisure island ආපන ශාලාව විවෘත කිරීමද සිදු කෙරිණ.