(ටී.කේ.ජී.කපිල )

රුපියල් ලක්ෂ හැටක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු සමඟ අද (23) ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මොහු කොළඹ - 12 ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි  ව්‍යාපාරිකයෙකි . ඔහු අද  අලුයම 03.50 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 654 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබුණි .

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 03 ක් තුළ , විදේශීය නිෂ්පාදිත " මැන්චෙස්ටර් "  වර්ගයේ දුම්වැටි 40,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 200 ක් සගවා ගෙන සිටිය දී මෙසේ අත් අඩංගුවට ගෙන තිබේ .