
(වසන්ත චන්ද්‍රපාල)
අක්කරපත්තුව මුලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා ඉවත් කරන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය නිළධාරින් ගේ සංගමය නැගෙනහිර පළාතේ සියලුම රෝහල්වල වෛද්‍ය වර්ජනයක් අද ආරම්භ කර තිබේ.
අම්පාර දිස්ත්‍රික්කය ,මඩකලපුව දිස්ත්‍රික්කය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සියලුම රොහල් වල වෛද්‍යවරුන් වැඩ වර්ජනය කරන බව රජයේ වෛද්‍ය නිළධාරින් ගේ සංගමයේ විධායක සභික අම්පාර දිස්ත්‍රික්කයේ සංවිධායක වෛද්‍ය ජනිත් පේදුරු ආරච්චි මහතා පැවසිය.
ඒ අනුව නැගෙනහිර පලාතේ ශික්ෂණ රෝහල් 1 ක් ,මහා රෝහල් 02 ක් මුලික රෝහල් 17 ක් ,ප්‍රාදේශීය රෝහල් 52 ක් සහ ප්‍රාථමික වෛද්‍ය මධ්‍යස්ථාන 113 ක වෛද්‍යරු මෙම වැඩ වර්ජනයට එක්ව සිටිති.
අක්කරපත්තුව මුලික රෝහලේ වෛද්‍ය අධිකාරි වරයා පරිපලාන සහ මුදල් විෂාමාචාර සිදුවිම් ඇති නිසා ඔහු එම තනතුරින් ඉවත් කර වෙනත් අධ්‍යක්ෂකවරයකු ඉවත් කරන ලෙස රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ අම්පාර ශාඛාව මෙන්ම රජයේ වෙද්‍ය නිළදාරින් ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලිමක් කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd