




(තිලකරත්න දිසානායක)
ආසියාවේ විශාලතම හීලෑ හස්තියා ලෙස නම් දරා ඇති නැදුන්ගමුවේ රාජා හස්තියාගේ ආගමික හා සංස්කෘතික මෙහෙවර අගයා , රුපියල් 15 ක් වටිනා තැපැල් මුද්දරයක් සහ මුල්දින කවරයක් අද (30) නිකුත් කෙරිණි.
තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශයේ සංවිධානත්වයෙන්, අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් රාජා හස්තියාගේ හිමිකරු වන හර්ෂ ධර්මවිජය වෛද්‍යාචාර්යවරයාගේ නැදුන්ගමුව නිවසේ දී මෙම උත්සවය පැවැත්විණි.
සියම් මහා නිකායේ බස්නාහිර පළාතේ අධිකරණ සංඝනායක තලංගල්ලේ සෝමසිරි නාහිමියන් ප්‍රධාන මහා සංඝරත්නය රාජා හස්තියා වෙනුවෙන් සෙත් පතා පිරිත් සජ්ඣායනා කළහ.
මෙහිදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අදහස් දක්වමින්, මෙරට බෞද්ධ ශාසනික ඉතිහාසය තුළ දළදා කරඬුව වැඩිම වාරයක් වැඩම කරවූ නැදුන්ගමුව රාජා හස්තියා වෙනුවෙන් මුල්දින කවරයක් නිකුත්කිරීම ගැන සතුටට පත් වන බවත් රාජා හස්තියා රැක බලාගැනීම වෙනුවෙන් නැදුන්ගමුවේ ධර්මවිජය පරපුරට ගෞරවය පුද කරන බවත් පැවසීය. ඒ මහතා මෙසේද කීය.
"පසුගිය වකවානුව තුල අලි ඇතුන් සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේලා පිරිසක් සිරගත කළා. පෙරහරවලට අලි ඇතුන් නැතුව ගියා. මෙය අපේ සංස්කෘතික උරුමයට පහරක් වුණා. එම යුගය අවසන් කර නව ගමන් මගක යමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත නැදුන්ගමුව රාජා හස්තියා වෙනුවෙන් මෙලෙස මුල්දින කවරයක් නිකුත් කළා. මෙම ඇත් පරපුර රැකබලා ගැනීම වෙනුවෙන් ධර්මවිජය වෙද පරපුරට සහ රාජා හස්තියාට දීර්ඝායු පතනව"යැයිද කීය.
දළඳා මාලිගාවේ දිය වඩන නිලමේ වන ප්‍රදීප් දෑල බණ්ඩාර මහතා මෙසේ පැවසීය.
" 1985 වසරේදී සබරගමුව මහා සමන් දේවාලයේ පෙරහරට සම්බන්ධ වූ රාජා හස්තියා, 2005 වසරේ සිට 12 වතාවක් දළදා පෙරහරේ සධාතුක කරඬුව වැඩමවූවා. මෙම හස්තියාට තවත් දිගු කලක් මෙම අවස්ථාවට සහභාගි වීමට නීරෝගි සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනය කරනවා.
අද වනවිට අලි ඇතුන් පෙරහරවලට නැතිව ගිහින්. එවැනි තත්වයක් තිබියදීත් කැලෑවේ සිටින අලි ඇතුන් සම්බන්ධ කර ගැනීමට රාජ්‍ය නොවන සංවිධානවල විරෝධය පළව තිබෙනවා. මෙය ඉතා කනගාටුදායක තත්වයක්. මෙවන් සමයක ධර්මවිජය වෙද පරපුර මගින් කරන්නා වූ සේවය ඉතා අගය කරනවා" යැයිද පැවසීය.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, බස්නාහිර පළාත් සභාවේ සභාපති සුනිල් විජේරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩුලිප් විජේසේකර, අමාත්‍යාංශය ලේකම්වරුන් වන ඩබ්ලිව්. ඒ.චූලානන්ද සහ සුනන්ද මද්දුමබණ්ඩාර, තැපැල් මුද්දර කාර්යාංශයේ අධ්‍යෂක ශාන්ත මාගම්මන, ගම්පහ ප්‍රාදේශීය සභාවේ සභාපති රංජිත් ගුණවර්ධන ,ගම්පහ දිසාපති සුනිල් ජයලත් , ප්‍රාදේශීය ලේකම් සුරංගා ගුණතිලක ,ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික සිල්වා යන මහත්ම මහත්මීහු සහ සමස්ත ලංකා අලි ඇතුන්ගේ සංගමයේ සාමාජිකයෝ ද එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිත් ඇත් පරපුර රැකබලා ගැනීම වෙනුවෙන් ධර්මවිජය වෙද පරපුරට සහ රාජා හස්තියාට දීර්ඝායු පතනවා.
අලින්ට කොයින්ද ඕවා ගැන වගක්...
නැදුන්ගමුවේ රාජා ඇත්රජුනි, ඔබට දිර්ඝායුෂ පතමු. ධර්මවිජය වෙදපරපුරට මෙවන් ඇත්රජකු දායාද කළාට රැකබලා ගැනීමට ගොඩාක් ස්තුතියි. රාජා ඇත්රජුනි, ශ්‍රී ලංකාවේ ආඩම්බරය ඔබයි...
මෙයාගේ ගම ඉන්දියාව නේද . . ?
අම්මෝ බලන්නකෝ ඇතා දාගෙන ඉන්න චේන් ගොඩ... ලස්සනේ බැහැ. අමාත්‍යතුමාගේ කතාවෙන් තේරෙනවා. ඉදිරියේදී අපේ වග ඇත් පැටවුන්ට සහ පැටවුන් පණ වගේ රැකබලා ගන්නා මව් ඇතින්නියන්ට අත්වෙන්න යන ඉරණම...
නැදුම්ගමුවේ ඇතා රටේ ජාතික වස්තුවක්... බෞද්ධයින්ගේ පෙරහැර සංස්කෘතියට ඇතා සහ අලියා ගෞරවාන්විතව යොදාගන්න එක විවේචනය කරන එන්ජීඕ... කාරයන්, හුදු විනෝදය තකා එංගලන්තයේ අශ්වයින්ට පහර දිදී දුවවන අශ්ව රේස් ගැනවත් ස්පාඤ්ඤයේ අමානුෂික ගොන් පොර ගැනවත් කිසි කතාවක් නැහැ.
බන්දුල මහත්තයා කට ඇරියොත් කියන්නේම මෝඩ කතාවක්... අර මව් ඇතින්න මරලා කැලෙන් අල්ලාගත්තා අලි පැටියෙක් ළඟ තියාගෙන, මිනිස්සුන්ට අමතකවෙලා අලිපැටියෙක් පන්සලේ දාලා ගිහින් කිව්ව හාමුදුරුවෝ හරි කියලා නේද කියන්නේ?
නැදුන්ගමුවේ රාජා බෝධි සත්වයෙකි...
කාලේ නිදහසේ ඉන්න ඕන සතෙකුට විලංගු දාලා බුද්ධ දර්ශනය ප්‍රතික්ෂේප කරන සත්ව හිංසාව පිළිපදිමින් මේ අසරණ සතාව අගයලා මුද්දර ගහලා වැඩක් නැහැ. මොකද ඒ සතාට මුද්දරවලින් වැඩක් නැහැ.හොඳම උපහාරය එයාට නිදහසේ එයාගේ පරිසරයේ ඉන්න දෙන එක. මම එන්.ජී.ඕ කාරයෙක් නම් නෙවෙයි. සත්තුන්ට ආදරේ කරන සාමාන්‍ය පුරවැසියෙක්.
අනේ අර ඇතා බලාගන්න ඇත්ගොව්වට කිසි හොදක් මේ මිනිස්සු කියන්නේ නැහැනේ. බලන්න එයාගේ අසරණපාට.
අත්‍යවශ්‍ය, කෙරිය යුතු වැදගත් කාර්යයක්.
බෞද්ධයින්ගේ පෙරහැර සංස්කෘතියට ඇතා සහ අලියා ගෞරවාන්විතව යොදාගන්න එක විවේචනය කරන කිසි කෙනෙක් දළදා පෙරහැරේ ඇතා නැතුව කරඩුව වඩම්මන්නේ කොහොමද කියන එකට උත්තරයක් දෙන්නේ නැහැනේ. සත්ව හිංසනය වැරදි තමා. නමුත් බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ වන දන්ත ධාතුන් වහන්සේ වඩම්මවන සංස්කෘතික පූජෝත්සවය අලි හිංසනය උඩින් යවන්න අවශ්‍ය නැහැ. අනික නැදුන්ගමුවේ රාජා හස්තියා වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දේවල් කරලා ජාතික වස්තුවක් බවටත් පත් කරලා ඉවරයි.
සතා මැරුන දවසක හම ගලවලා පුළුන් පුරවලා ප්‍රදර්ශනය කරලා සල්ලි උපයනවද ?