
(පී. ශාන්ත බණ්ඩාර සහ බණ්ඩාර ජයරත්න)
රඹුක්කන සිට මාවනැල්ල දක්වා ධාවනය කරවූ ලංගම බසය පසුපස ආසනයේ වාඩි වී සිටි මවගේ තුරුලේ සිටි අවුරුදු තුන හමාරක දරුවකුගේ හිස අනාරක්ෂිතව මාර්ගයේ නවතා තිබූ ලොරි රථයක ගැටී බරපතල තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු මියගිය බව පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ තම්මිට උස්සාපිටියේ පදිංචි සචින්ත පැතුම් කුමාර නැමැති සිඟිත්තෙකි.
මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින තම වැඩිමහල් සහෝදරයා හා මව සහ පියා සමග මාවැල්ලට ගොස් ආපසු නිවෙසට යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.
රඹුක්කන සිට මාවනැල්ලේ සිය නිවෙස බලා පැමිණිමේ අදහසින් මෙම පිරිස ලංගම බසයක නැගී මෙම පිරිස ගොඩ වී එහි පිටුපස අසුනේ වාඩි වී ඇත.
රඹුක්කන - මාවනැල්ල මාර්ගයේ කීරගල ප්‍රදේශයේ අනාරක්ෂිතව නවතා තිබූ ලොරි රථයක් පසු කරනවා සමග බස් රථය ඇල වූ බවත් ඒ අවස්ථාවේ මගේ උකුලේ සිටි කුඩා දරුවාගේ හිස බසයේ ජනේලයන් පිටතට ඇළ වූ බවත් එම පොලිසිය කළ පැමිණිල්ලේ සඳහන් වේ. ඒ සමග තම පුතාගේ හිස ලොරි රථයේ ගැටුණු බව පැමිණිල්ලෙන් කියැවෙයි.
බරපතල තුවා ලබා සිටි දරුවා මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදි දරුවා මියගොස් ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමයාගේ හිස එළියට එන විදිහට හිටිය මව ගැන මොනවද කියන්න පුළුවන්... නොහික්මුණු රියදුරා වගේම නොසැලකිලිමත් මවත් වගකියන්න ඕනෑ.
රත්තරන් පුතාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා...!
අද දවසට මේ වගේ අහිංසක දරුවෝ දෙදෙනෙකු මියගිය පුවත් දැක්කා... පපුවත් රිදෙනවා මේවා අහලා.. දවස් දෙකක් වයස දරුවෙක් කිරි නැතිව කහවීම නිසා පෙට්‍රල් නැතිකමින් රෝහලට ගෙනියන්න පැයක් පරක්කු වෙලා මිය ගියා... දැන් මේ දරුවා හදිසි අනතුරකින් මියගියා... මේ දරුවගේ හිස එළියට ආවෙ කොහොමද අම්මා අතේ හිටියා නම්... නිවන් සැප ලැබේවා දරුවනේ..
අනේ මගේ දරුවා...!!!
අයියෝ... ජීවිතේ එපා වෙනවා මට නම්. ළමයි කී දෙනෙක් මේ ටිකට මැරුණාද වැඩිහිටියන්ගේ නොසැලකිල්ලට...?
පැහැදිලිව මේ බස්එකේ රියදුරාගේ හරි වැරැද්දට, ලොරිය නවත්තලා ගිය කෙනාගේ හරි වැරැද්ද වෙන්න පුළුවන්... ඒත් අම්මා කෙනෙක් දරුවෙක්ව තියන් යද්දී ගොඩක් පරෙස්සම් විදිහට ඕනෑ තියා ගන්න. තමුන් දැනගන්න ඕනෑ එක්කෝ ඔඩොක්කුවෙන් තියාගන්න. එක්කෝ මුලු පවුලම මොකටද සා/පෙළ කරන ළමයාව එක්කන් එන්න ගියේ? පොඩි ළමයි අරන් බස්වල රස්තියාදු වෙන්නේ නැතිව ගෙදර ඉන්න තිබුණා.