IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නුසුදුසු පෙරපාසල් ගුරුන්ට ඇමති වැට බඳී

(කේ. බුද්ධික කුමාරසිරි)

අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ලබා දෙන පුහුණුව හෝ පෙර පාසල් ඩිප්ලෝමාවක් නොමැතිව ඉදිරියේදී පෙර පාසල් පවත්වාගෙන යෑමට අවස්ථාව ලබා නොදෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (03) කඩුවෙල බෝමිරිය දී පැවසීය.

නිසි ක්‍රමවේදයක් නොමැතිව අවුරුදු තුන හතර වයසේ දරුවන්ගේ මනස අවුල් කළහොත් එය නැවත සෑදීමට පාසල් අධ්‍යාපනට නොහැකි බවත් අවධිමත්ව පෙර පාසල් පැවැත්වීමට අවස්ථාව දිය නොහැකි බවත් මෙහිදී අමාත්‍යවරයා පැවසීය.

මෙරට පෙර පාසල් ගුරුවරුන් හතලිස් දහසක් සහ විවිධ වර්ගවල පෙර පාසල් දහනව දහසක් පවතින බවත් අවසානයේ සියලු දරුවන් පාසල් අධ්‍යාපනයට එක් වීමේදී ගැටළු සහගත තත්වයක් පවතින බැවින් යම් රාමුවක් තුල නිශ්චිත ක්‍රමවේදයක් යටතේ අදාල පෙර පාසල් පැවැත්වීම අත්‍යාවශ්‍ය බවද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

 



අදහස් (5)

නුසුදුසු පෙරපාසල් ගුරුන්ට ඇමති වැට බඳී

හීන්බණ්ඩා Friday, 04 August 2023 12:20 AM

ඔය දියවන්නාවේ ඉන්න නොසුදුසු පුද්ගලයින්ට වැට බඳින්න කව්රුවත් නැද්ද?

:       0       1

පැරකුම්Friday, 04 August 2023 03:18 PM

වෙන කව්ද? අපිම තමයි ඒක කරන්න ඕනෑ... ඒ වුණාට ඒකට අපේ කවුරුත් පෙල ගැහෙන්නේ නෑ නේ...

:       0       0

බී අමරසිංහ Friday, 04 August 2023 03:59 AM

නුසුදුසු මැති ඇමැතිවරුන්ට...!

:       0       1

A.D.Mohotti Friday, 04 August 2023 08:35 AM

හොඳ තීරණයක්

:       0       2

නිහාල් Friday, 04 August 2023 02:02 PM

නුසුදුසු පුද්ගලයින් දේශපාලනයට එන එක නවත්තන්නත් ක්‍රියාමාර්ග ගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 239 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1030 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site