බොහෝවිට ආහරවල රසය වැඩි කිරීම සඳහා ලුණු අත්‍යවශ්‍යවේ. ඇතමකු ලුණු මඳ පමණ ආහාරයට එකතු කර ගනිද්දී තවත් කෙනකු ලුණු වැඩිපුර භාවිත කරන අයුරු දැකිය හැකියි.
ලුණු අඩු වීමත් වැඩි වීමත් අපට අහිතකර ප්‍රතිඵල ගෙනදෙන බව ඔබ දන්නවාද? මේ ඒ පිළිබඳ දැනුම්වත් කිරීමකි.
සිරුරට ලුණු අවශ්‍ය ඇයි?
ඇඟට සෝඩියම්වල අවශ්‍යතාවක් පවතින අතර එකී සංඝටකය නොමැතිව ජීවත් විය නොහැකිය. ස්නායු ආවේග සම්ප්‍රේෂණයට සේම හෘදයේ සහ රුධිර නාලවල පැවැත්මටද අවැසි සංඝටකයකි. එහෙත් දෛනිකව ලුණු අවශ්‍ය කෙරෙන නියමිත ප්‍රමාණයක් ඇත. එය වැඩිහිටියකු උදෙසා දවසකට ග්‍රෑම් 05ක් තරම් සුළු ප්‍රමාණයකි. එනම් කපාපු තේ හැන්දකි.
ලුණු අඩුවෙන් එකතු කිරීමේ ඵල විපාක
ඇතැමෙකු ආහාරවල අධිකව සංතෘප්ත මේදය අඩංගුව තිබියදීම ලුණු එක්කහසු කර ගනී. ඒ ප්‍රමාණය නිසි පරිමාව තෙක් අඩු කර ගත හැකි නම් ශරීර බර අඩු කර ගත හැකියි. හෘදයාබාධවලින් වැලකිය හැකියි. ආඝාතය, දියවැඩියාව, නිදන්ගත වකුගඩු අමාරු ,පිළිකා වැනි රෝගී තත්ත්ව ආදියෙන් වැලකිය හැකියි.
ලුණු වැඩි වීමේ අහිතකර බලපෑම්
සිරුර නියමිත ලුණු ප්‍රතිශතය ඉක්මවා ගොස් ඇති බව දනවන ඉඟි කිහිපයකි. මාංශ පේශීවල කැක්කුම, ඔක්කාරය, කරකැවිල්ල, කල් යද්දී කෝමා තත්ත්වයට වුවද පත්විය හැකිය.
ලුණු අඩු කිරීමේ ක්‍රම
"Processed Food” වැනි කල්තබා ගන්නා ආහාරවල කොහොමත් ලුණු ප්‍රතිශතය අධික වේ. එවැනි ආහාර අවම කිරීම හෝ මඟ හැර යාම සුදුසුවේ. බීම වර්ග සැකසීමේදීද රසය වැඩි කරනු වස් ලුණු අධිකව යෙදීම දැකිය හැකියි. එසේම ආහාර ගැඹුරු තෙලේ බදින විටත් තෙල් යොදා තෙම්පරාදු කිරීමෙදිත් ලුණු වැඩිපුර එක් කර ගැනේ. එවැනි අවස්ථාවලදී ලුණු මඳ ප්‍රමාණයට එකතු කර ගැනීමට මතක තබා ගන්න.
තවද එකවර සම්පූර්ණයෙන්ම ලුණු භාවිතයෙන් ඉවත් වීමද, අඩු කිරීමද සුදුසු නොවේ. එවිට රුධිරයේ සෝඩියම් අධිකව පහළ ගොස් ඔබ රෝගී වීමට ඉඩ ඇත.
ගුණාත්මක නොවන ආහාර භාවිතයෙන් ඉවත් වීම, කරකළ ආහාර ,බයිට්ස් වර්ග වැනි තෙල් අධිකව යොදමින් සැකසූ ආහාර දිගුකල් භාවිතය අත් හැරීම සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට මඟ පාදයි. සිරුරට ලුණු අඩු බව අඟවන සංඥාද ඇත. වමනය , ඔක්කාරය, ඔලුව කරකැවිල්ල, මස් පිඩු පෙරළීම,සිහි මඳ ගතිය සඳහන් කළ හැකිය. එබැවින් ලුණු අඩු කරනවා නම් එය තරම දැනගෙන කිරීම නුවණට හුරුය.
-සටහන- මාධවී ධර්මරත්න
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
නිසි පමණට ලුණු යොදමු