
(රංජිත් රාජපක්ෂ)
දේශීය අල සහ ලූනු ගොවිය රැක ගැනීමට කටයුතු නොකරන්නේ යැයි චෝදනා කරමින් නුවරඑලියේ එළවලු අලෙවියෙන් සහ ප්‍රවාහනයෙන් හෙට (10) දින වැළකී සිටින බව නුවරඑලිය දිස්ත්‍රික් ගොවි සංවිධානයේ සභාපති තරිදු රත්නායක මහතා පැවසීය.
මේ රටේ අල ගොවීන් සහ බී ලූණු ගොවියන් තම අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකිව සිටියදී ආනයනික අර්තාපල් සහ බී ලූණු සදහා දේශීය ගොවියා රැක ගැනීමට සරිලන බද්දක් අය නොකිරිමට විරෝධය දැක්වීමක් වශයෙන් මෙම ක්‍රියාමාර්ගයට එළබෙන බව තරිදු රත්නායක මහතා නුවරඑලියේ පැවැති මාධ්‍ය හමුවක් දී මේ බව පැවසීය.
රජයට ඊට විරෝධය දැක්වීමක් වශයෙන් නුවරඑලියේ එළවලු ගොවීන් සහ එළවලු ගොවිතැනේ නියැලී සිටින සියලුම පාර්ෂවයන් තම දෛනික කටයුතු වලින් ඉවත් වන බව ඔහු පැවසීය.
COMMENTS
ඉතා සුබදායක ප්‍රවණතාවයක්. දියුණු යයි පවසන රටවල පවා කෘෂි කර්මාන්තය රැකගැනීම සඳහා අඛන්ඩව හා කාලීනව විවිධ ක්‍රියාමාර්ග ගනුලැබූවත් ගොවියා සෑහීමට පත් කිරීම ඉතා දුෂ්කර කර්තව්‍යයකි. අත්දැකීම් හා පලපුරුද්ද නොමැති පාලකයින්ට එය කිසිසේත් කළ නොහැක්කකි. වැඩිකල් නොගොස් ඔවුන් යහමගට වැටෙන බව නම් කිව හැකියි. විශ්මිත ක්ෂණික ප්‍රතිඵල බලාපොරොත්තු නොවන්න.
රාජකාරි කියන්නේ ඉස්සර රජ්ජුරුවන්ගේ කාරිය කිරිම පස්සේ එක රජයේ සේවය වුණා.. වෙළන්දෝ කොහෙද රාජකාරි කරන්නේ ? ඩියුටි කියන්නේ රාජකාරි කියන වචනය නෙමෙයි
ඕක කරන්න පුළුවන් වැඩ වර්ජනයක් ද ? එළවලු නරක් වෙනවා
දේශීය කියල දරන්න බැරි මිලකට අල ගන්න මිනිස්සුන්ට බෑ.ඒක තේරුම්ගන්න බැරි ගොවීන්ට සහ වෙළඳුන්ට මොනව කියන්නද?දේශීය ලූනු නම් කල් තබාගන්න බෑ.ඒකට විසඳුමක් අවශ්‍යයි.
පරිපාලන අත්දැකීම් ඉතා අවශ්‍යයි. ප්රශ්නය කොහෙද තියෙන්නේ කියලා තෙරුම් ගත යුතුය.ලූනු ගෙඩි මනිනවා වගේ විසදුම් වලින් තීරණ ගන්න පුළුවන් ද