(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විවේක සුව ගැනීම සඳහා පිහිටුවනු ලැබ ඇති නුවරඑළියේ සෙන්පති නිවෙසේ (general's house) ලැගුම් ගැනීම සඳහා ඇතැම් මන්ත්‍රීවරුන් සිය හිතවතුන් සහ ඥාතීන්ට ලබාදීම නිසා එහි විවේක ගැනීමට යන තමන්ගේ සහ තම පවුල්වල සාමාජිකයන්ගේ නිදහසට බාධා මතුව ඇතැයි මන්ත්‍රීවරුන් පිරිසක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පැමිණිලි කර ඇත.
මේ කාරණය කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඉකුත් 24වැනිදා බදාදා පැවැති ගෘහ කාරක සභා රැස්වීමේදීද දීර්ඝ ලෙස සාකච්ඡාවූ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
ඇතැම් මන්ත්‍රීවරුන් සිය ඥාතීන් සහ හිතවතුන් නුවරඑළියේ සෙන්පති නිවෙසේ ලැගුම් ගැනීමට යොමු කිරීම නිසා එය වැළැක්වීමේ පියවරක් ලෙස එහි කාමර වෙන් කරවා ගැනීම සඳහා අදාළ මන්ත්‍රීවරයා අනිවාර්යෙන්ම පැමිණිය යුතු බවටවූ නියෝගයක් පාර්ලිමේන්තු බලධාරින් විසින් පසුගියදා පනවනු ලැබීය.
මේ නියෝගය නිසා ඇතැම් මන්ත්‍රීවරුන් සිය ඥාතීන් හා හිතවතුන් සමග පැමිණ කාමර ඔවුන්ට වෙන් කරවාදීමෙන් පසු පිටව යන බව දැනගන්නට ඇත.
එමෙන්ම ඈත දුර බැහැර සිටින සමහර මන්ත්‍රීවරුන් නුවරඑළියේ පදිංචි ඇතැම් මන්ත්‍රීවරුන් මාර්ගයෙන්ද සෙන්පති නිවසේ කාමර සිය ඥාතීන්ට හා හිතවතුන්ට වෙන්කරවා ගන්නා බවට තොරතුරු අනාවරණයවී ඇතැයි පාර්ලිමේන්තුව නිලධාරීහු පවසති.
සෑම මන්ත්‍රිවරයෙකුටම සිය පවුලේ සාමාජිකයන් සමඟ එක දිගට දින තුනක් මෙහි ලැගුම් ගත හැකි වන අතර කාමරයක් සඳහා දිනකට අය කෙරෙන ගාස්තුව රුපියල් 250 කි.
මෙම සෙන්පති නිවෙස පාලනය කරනු ලබන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී සේවා අංශය විසිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි මුදල් නාස්ති වහාම නතර කල යුතුයි.
හිතවතුන්ට නොදී තරහකාරයන්ට දෙන්නද කියන්නේ?
මොකට මෙච්චර වරප්‍රසාද දෙනවද මන්දා. වියදම පියවෙන විදියෙ ගාස්තුවක් අය කරන්න
දේශපාලුවන්ට අපේ ගානෙ දෙන සැපසම්පත් මදිවටද මේ තවත් මුදල් නාස්තියක් කරන්නෙ. වහාම අයකරන ගාස්තුව අසීමිත ප්‍රමානයකින් වැඩි කරන්න. ප්‍රශ්නය ඉබේම විසදේවි.
අනේ බලන්නකෝ එයාලාට නුවරඑළියේ සැප ගන්න යන්නේ රු 250/ යි.
අවුරුදු පහේ ඩීල් එකට මේ හැමෝම එක ව්දිහට සැප ගන්නවා. අපිට අවුරුදු 5 ගෙවෙද්දී ඔක්කොම අමතකයි. මෙයාලා කරපු කියපුවා පොතක ලියාගෙන ඡන්දෙ දාන්න යන්න කලින් කියවා මතක් කරගෙන මුන්ගේ හත් මුතු පරම්පරාවේ එකෙක්ටවත් ඡන්දයක් නොදී ඉමු. කේවල මන්ත්‍රී ආසන තිබුන කාලේ වගේ පරාද කරලා බහුතරයක් නොලැබෙන්න ඡන්ද බෙදීයාමක් විය යුතුයි. පක්ෂ වලට අපි ආදරේ කරන්නේ මොකටද? රටට ඉදිරි පරම්පරාව ආදරේ නම් හැම ගෙදරකින්ම පක්ෂ අතරේ සමානව බලය බෙදෙන්න සලස්වමු. හැම පක්ෂෙම එකයි නම් හැම එකාම කරන්නේ එකම දේ නම්... ඇයි බහුතරයකින් බලය දෙන්නේ? ඡන්ද දායකයාගේ බලය පෙන්වන උපක්‍රම අපි සොයාගත යුතුයි. නැත්නම් ඡන්දෙ දීලා හූල්ලලා වැඩක් නෑ..