
(ඉන්දිකා රාමනායක සහ ආර් ඒෆ් ඒම් සුහෙල්)
නුවරඑළිය ටොප්පාස් ප්‍රදේශයේ නිවසක් තුළ අඹු සැමි යුවළක් වෙඩි වැදී මිය ගොස් ඇතැයි නුවරඑළිය පොලිසිය පවසයි.
ඊයේ (7)රාත්‍රියේ මෙම සිදුවීම සිදුව ඇති බව පොලීසිය පවසයි.
මෙම අඹුසැමි යුවළ අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් සැමියා විසින් සිය බිරිඳට වෙඩි තබා ඝාතනය කර ඇති බවට විමර්ශනවලදී හෙළිවූ බව පොලිසිය කියයි.
මියගිය කාන්තාව වයස අවුරුදු 26 ක්, බවත් ඇගේ සැමියා 28.හැවිරිදි වියේ පසුවන බවත් පොලිසිය පවසයි.
මෙරට නිෂ්පාදිත ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇත. මියගිය අයගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (8) පැවැත්වීමට නියමිතව ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd