(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
නාවින්න බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණායතන රෝහල කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කිරීම.සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හා දේශීය වෙදකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ඇතුළු ආරාධිතයින් ගේ ප්‍රධානත්වයෙන් අද (02) දා සිදු කෙරුණි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත අයුර්වේද රෝහල් කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය බවට පත් කිරීමේ වැඩසටහනේ ප්‍රථම ආයුර්වේද රෝහල ලෙස මහරගම නාවින්න බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද රෝහල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට මෙසේ පත් කෙරිණි .
රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ අදහසකට අනුව නිර්මාණය කළ සුවධරණී ජංගම දුරකථන ඇප් එක හඳුන්වාදීම ද මෙහිදී සිදු කළ අතර ඒ තුලින් රෝගියා රෝහල්ගත කළ මොහොතේ සිට පිටව යන මොහොත දක්වා රෝගියාගේ රෝග නිශ්චය කිරීම හා වෛද්‍යවරයාට එකම ස්ථානයක සිට සියලු කටයුතු අධීක්ෂණය කිරීමේ හැකියාව ඒ තුළින් පවතී .
දේශීය ආයුර්වේද අමාත්‍යාංශය යටතේ රෝහල් 107 ක් ඇති අතර ඉන් රෝහල් 50 ක් මෙලෙස covid අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස පත්කළ පත්කරන බවත් එතුළින් ඇඳන් 3500 ක් රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට ලැබෙන බවත් මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කලාය .
මෙම නාවින්න ආයුර්වේද රෝහලෙන් පිරිමි ,රෝගීන් 65ක් ද, කාන්තා රෝගීන් 35 ඇතුළු රෝගීන් සිය දෙනකුට ප්‍රතිකාර කිරීමට නියමිතය.
ඒ අතර ඇඳන් 10 කින් යුත් භික්ෂු වාට්ටුවකින්ද යුක්තය
2025 දෙසැම්බර් මස 30
42
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
710
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
339
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නාවින්න ආයුර්වේද රෝහල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරයි
kapila Thursday, 03 June 2021 11:48 AM
මේකට වත් බටහිර වෛද්‍ය විද්‍යාව හොටදාන්නේ නැතිව හිටියොත් හොඳා.