
(සුජිත් හේවාජුලිගේ)
විගණකාධිපති ධූරය සඳහා සුදුස්සකු පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන 22 රැස්වීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
එම ධූරය සඳහා ජනාධිපතිවරයා විසින් සුදුසු නාම යෝජනාවක් කතානායකවරයාට අද හෙටම ඉදිරිපත් කෙරෙනු ඇත.
විගණකාධිපති ඩබ්ලිව් පී සී වික්‍රමරත්න මහතා එම ධූරයෙන් ඉකුත් 8 වැනිදා විශ්‍රාම ලැබීය.
ජාතික විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළ නිලධාරීන් දෙදෙනෙකු සිටින අතර එම දෙදෙනාගෙන් අයෙකු විගණකාධිපති ධුරයට පත් කෙරෙනු දැනගන්නට ඇත.
විගණකාධිපති ධූරය මෙරට රාජ්‍ය සේවයේ ඉහළම තනතුරු අතරට ගැනෙන්නකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් හිතන්නේ රෝසි...