IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


නව රාජතාන්ත්‍රිකයෝ පස් දෙනෙක් ජනපතිට අක්තපත්‍ර දෙති

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් සහ මහකොමසාරිස්වරු දෙදෙනෙක්  ජනාධිපති  කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත අද(13)  අක්තපත්‍ර බාර දුන්හ.

කොළඹ සිටින කැනඩා මහකොමසාරිස් ඉසබෙල් මාරි කැතරින් මාටින්, Ms. Isabelle Marie Catherine Martin, High Commissioner of Canada, based in Colombo, කොළඹ සිටින නෙදර්ලන්ත රාජධානියේ තානාපති වීබේ ජැකෝබ් ඩි බෝයර්,Mr. Wiebe Jakob De Boer, Ambassador of the Kingdom of the Netherlands, based in Colombo, කොළඹ සිටින ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් මැතිව් ජෝන් ඩක්වර්ත්, Mr. Matthew John Duckworth, High Commissioner of the Commonwealth of Australia, based in Colombo,නවදිල්ලියේ සිටින ඇල්ජීරියානු මහජන ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ තානාපති ඇබ්ඩනෝර් හොලිෆි, Mr. Abdenor Khelifi, Ambassador of the People's Democratic Republic of Algeria, based in New Delhi, නවදිල්ලියේ සිටින අයිස්ලන්ත ජනරජයේ තානාපති බෙනඩික්ට් හස්කුල්ඩ්සන් Mr. Benedikt Höskuldsson, Ambassador of the Republic of Iceland, based in New Delhi මහත්ම මහත්මීහු මෙලෙස අක්තපත්‍ර බාර දුන්හ.

මෙම රාජ්‍යතාන්ත්‍රිකයන් පිරිස උණුසුම් ලෙස පිළිගත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඔවුන් වෙත සිය සුබ පැතුම් එක් කළ අතර, ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා එක්ව කටයුතු කරන ලෙසද  ඔවුන්ට ආරාධනා කළේය. 

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වූහ.



අදහස් (0)

නව රාජතාන්ත්‍රිකයෝ පස් දෙනෙක් ජනපතිට අක්තපත්‍ර දෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 263 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 404 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site