
(ඉන්දිකා රාමනායක)
කොළඹ වරායට ආසන්න මුහුදේ ගිනි ගැනීමට ලක්ව තිබූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබු විවිධ හඬ පට සහිත (voice data recorder) උපකරණය (VDR) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි.
වෙළඳ නැව් පිළිබඳව ආයතනය විසින් මෙම හඬ පට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාරදුන් බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
නැවේ කපිතාන්වරයා නැවේ මව් සමාගම සහ මෙම නැව සම්බන්ධයෙන් දේශීය නියෝජ්‍ය ආයතනය සමග පැවැත්වූ සංවාදවල සහ සන්නිවේදනය හඩපට මෙම voice data recorder වල පටිගත වී ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒවා සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් සිදු සිදුකරන බවද හෙතෙම සඳහන් කරයි
නැවේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ දක්වා පුද්ගලයන් 20 පමණ කරගෙන ඇති බව ද හෙතෙම සඳහන් කරයි.
පිරිස අතර නැවේ කපිතාන්වරයා, ප්‍රධාන නිලධාරියා සහ ඉංජිනේරුවරුන් දෙදෙනා ද වන බව හෙතෙම කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලු පෙට්ටිය අතුරුදන් වෙන්න ඉඩ තියෙනවා. පොලිස්පතිතුමාගේ අවදානයට..!!!
ජනපති ජනතාවට කිව්වේ ආදාල ක්ෂේත්රවල විද්වතුන් ඉහළ පුටුවලට පත්කරනවා කියලා. නමුත් නූගතුන් මාධ්‍යට ඇවිත් කරන අඥාන ප්‍රකාශවලින් තේරෙනවා වූනේ මොකක්ද කියලා. දැන්වත් මේ වූ විනාශය නිවැරදි කර යලි මෙවැන්නක් ඇති නොවීමට නීති සාදා අත්‍යවශ්‍ය උපකරණ ස්ථානගත කල යුතුයි.
එක්කෝ ඕක අතුරුදන් වෙනවා නැත්නම් අක්‍රීය වෙනවා. 85%ක උෂ්ණත්වයකට රත්වෙලා තිබුණු එකනේ...
මේක වෙනුවට වෙන එකක් පරීක්ෂණ වලට ඉදිරිපත් වෙන්න පුළුවනි...!!!
ඕක අර ඉරාජ් කොලුවාට දුන්නා නම් රංජාගේ හඬපටත් අරන් දේවි...!!!