
(අජන්ත කුමාර අගලකඩ)
පාර්ලිමේන්තුවේ නව කතානායක ලෙස මහින්ද යාපා අබේවර්ධන මහතා ද, නියෝජ්‍ය කතානායක ලෙස රංජිත් සියඹලාපිටිය මහතාද පත්කිරීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අද(19) පස්වරුවේ තීරණය කළේය.
නියෝජ්‍ය කාරක සභාවේ සභාපති ධූරයට අංගජන් රාමනාදන් මහතා පත්කිරීමට ද ආණ්ඩු පක්ෂය තීරණය කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති කාර්යාලයේදී අද පස්වරුවේ රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගෙන ඇත.
මේ අතර, පාර්ලිමේන්තුවේ සභානායක ධූරයට දිනේෂ් ගුණවර්ධන මහතා ද ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරයට ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාද පත්කිරීමට එහිදී තීරණය කර ඇත.
COMMENTS
අග්‍රඵලය නෙලාගෙන නිහඬව බලාසිටින කෙනාට මොනවත් නැත්ද?
මෛත්‍රිපාල සිරිසේන මහතා කථානායක ලෙස පත්වෙනවා කියා ආරංචියක් පැතිර ගියා. එය එසේ වේයැයි කියා බොහෝදෙනා කළකිරීමෙන් සිටිනා බවක් පෙනුණා. ඒත්, මහින්ද යාපා මහතා මේ සඳහා පත්වූ එක හොඳ දෙයක්. එතුමා හොඳ දේශපාලනඥයෙක්. සියඹලාපිටිය මහතාත් හොඳයි.
අග්‍රඵලය කෙසේවෙතත් මනුස්සයාව එකත් පසෙක තියන එක රටට හිතකරයි. මොකද ආත්ම ගරුත්වයක් නැති ගේම්කරුවෙකු ලඟ තබා ගැනීම ඇඟට ගුණ නෑනේ නේද?