(අජන්ත කුමාර අගලකඩ සහ ළහිරු හර්ෂණ)
ඇමතිවරු අටදෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති මන්දිරයේ දී අද (23)පෙරවරුවේ දිවුරුම් දුන්හ
ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රවාහන ,මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමතිවරයා වශයෙන් ද,විදුර වික්‍රමනායක මහතා බුද්ධ ශාසන , ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැතිවරයා වශයෙන් ද ,රොෂාන් රණසිංහ මහතා වාරිමාර්ග ,ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා වශයෙන් ද,අහමඩ් නසීර් මහතා පරිසර ඇමැතිවරයා වශයෙන් ද දිවුරුම් දුන්හ.
ඊපීඩීපී නායක ඩග්ලස් දේවානන්ද මහතා ධීවර අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දුන් අතර,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති වරයකු වන මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය වශයෙන් දිවුරුම් දුන්නේය.
කැබිනට් මණ්ඩලය අමාත්‍යවරුන් ලෙස කලින් දිවුරුම් දුන් කෙහෙළිය රඹුක්වැල්ල සහ වෛද්‍ය රමේෂ් පතිරණ යන මහත්වරුන් එම අමාත්‍ය ධුරවලට අමතරව , තවත් අමාත්‍යධුර දෙකක දිවුරුම් දීම ද විශේෂත්වයක් විය.
ඒ අනුව ,කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍ය ධුරයට අමතරව, ජල සම්පාදන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වැවිලි ඇමැතිධුරයට අමතරව කර්මාන්ත ඇමතිවරයා ලෙස දිවුරුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩීයූ ගුණසේකර හරියට කිව්වා මේ ඇමති මණ්ඩලය හරක් පට්ටියක් වගේ කියලා. සතියෙන් සතිය ඇමැතිලා දිවුරුම් දෙනවා. ජනාධිපතිටත් ලැජ්ජාවක් නැහැ. දිවුරුම් දෙන ඇමැතිලාටත් ලැජ්ජාවක් නැහැ. මෙතන රමේෂ් පතිරණ පමණක් අවස්ථා ගණනාවකදී දිවුරුම් දුන්නා. තවමත් එතුමාගේ සුදුසුකමට ගැලපන ඇමැතිකමක් ලැබිලා නැහැ. අඩුතරමින් එතුමා අවබෝධ කරගන්න එපැයි...
අපේ රටේ මුදල් ඇමැති කවුද කියලා දන්න කෙනෙක් කියනවද?
මුලදී කිව්වේ දහඅටයි කියලයි. ඒක විස්ස වුණා. දැන් විසිපහ වෙලා. ඔහොම ගිහින් හෙට, අනිද්දා වෙනකොට 225 වෙයිද කියන්නත් බැහැ. දරුවන්ට දෙන්න කිරිපිටි ගන්න නැති සල්ලි. මේ වගේ දේවල්වලට නම් ඕනෑපදම් තියෙනවා.
ඇමැති මණ්ඩලය පත්කෙරුවා විතරනේ? හෙට අනිද්දා වෙනකොට පැටව් ගහන්නත් පටන් ගනී...
අරහේ රටේ මිනිස්සු පෝළිම්වල දිව්රනවා.
කොහොම කිව්වත් වැදගත්ම අමාත්‍යාංශයක් වන මුදල් අමාත්‍යාංශයට සැලකීමක් නැහැ වගේ... සැලකීමක් තිබේ නම් සුදුස්සෙක් නැහැ කියලා හිතෙනවා. මුදල් ගැන නොසලකා වැඩක් කරන්නේ කොහොමද?
ලැජ්ජා, බයට කටයුතු කරන අය තමයි සුදුසු... මේ අයට මේ සුදුසුකම් තියෙනවද?
ආයෙත් පරණ සෙල්ලම පටන් ගත්තානේද?
ජනතාවට ගෝඨාභය සහ ආණ්ඩුව ගැන කිසිම විශ්වාසයක් නැහැ. ඒක නිසා විදේශ ශ්‍රමිකයා මුදල් එවන්නේ නැහැ. මිනිස්සු උද්ඝෝෂණ, වර්ජන දිගටම කරනවා. ව්‍යාපාරිකයා අලුත් ආයෝජනවලට යන්නේ නැහැ. ඔලුගෙඩි මාරු කරලා ජනතා අප්‍රසාදයට ලක්වුණු පරණ අමාත්‍ය මණ්ඩලයම නැවත පත්කිරීම මේකට විසඳුම නොවේ. සජිත් හෝ අනුර ප්‍රමුඛ විපක්ෂයට ආණ්ඩුව දුන්නත් මේක විසඳන්න බැහැ. කරුණාකර අලුත් ඡන්දයකට යන්න. එවිට කැමැති කෙනෙක් පත්කර ගැනීමේ කලබල නැති වේවි. පරණ සෙට් එක මාරුවෙන් මාරුවට එල්ලිලා කියලා වෙනසක් වෙන්නේ නැහැ. ජනතාවට ජනාධිපති ගැන හෝ පාර්ලිමේන්තුවේ බහුතරයක් ගැන හෝ විශ්වාසයක් නොමැති නම් වැඩක් වෙන්නේ නැහැ.
දැන් එතකොට විසිපහක් වුණද? රනිල් ආවා කියලා වැඩක් වුණේ නෑ නේද? එහෙනම්? පරණ කුරුවල් වෙච්චි පොල්මයි. රනිල්, ඔයත් අකුළන් යන්න.
රනිල් ආවේ මැජික් පෙන්නන්න නොවේ. රාජපක්ෂලාව සුරකින්න. 2015 කරපු විදිහටම චොපර් වලින් යන්න එන්න දීලා, නඩු යට ගහලා අවුරුදු 5ක් නළවලා දුන්නනේ. දැන් කරන්නෙත් ඒකමයි. නාමල් එනකන් පුටුව බලාගෙන ඉන්න එක තමයි රනිල්ගේ ඇත්තම මෙහෙයුම. සජිත්, අනුර දෙන්නා අගමැති වෙන්න බැහැ කිව්වේ ආයම්මා වැඩේ කරන්න තමයි. කට්ටියට දැන්වත් තේරෙනවද මන්දා...