IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නල්ලුර් කෝවිලේ වාර්ෂික මංගල්‍යය ආරම්භ වෙයි

(රොමේෂ් මධුෂංඛ)
                 
යාපනය ඓතිහාසික නල්ලූර් කෝවිලේ වාර්ෂික මංගල්‍යය දැඩි සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරමින් ඊයේ (25) දින සිට ආරම්භ කළ බවට කෝවිල බාරකාර මණ්ඩලය පවසයි.

පවතින කොරෝනා වයිරස අවදානම හේතුවෙන් නිරෝධායන නීතිරීති වලට අනුව දිනකට බැතිමතුන් 500 ක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් නල්ලූර් කෝවිලේ මෙවර වාර්ෂික දේව මෙහෙයන් සිදු කිරීමට පියවර ගෙන ඇත.

මේ අනුව පොලීසිය හා යුද හමුදාව එක්ව නල්ලූර් කෝවිලේ පූජාවන් හා බැතිමතුන් වෙනුවෙන් ආරක්ෂාව සැපයූ අතර දේව මෙහෙයන් වෙනුවෙන් සහභාගී වන බැතිමතුන්ට ජාතික හැඳුනුම්පත සමගින් මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය වී තිබුණු අතරම විදේශිකයින් සහභාගී වන්නේ නම් ඔවුන්ගේ නිරෝධායන සහතික හා පී.සී.ආර්. පරික්ෂණයන් යනාදිය ද පරික්ෂා කිරීමට සෞඛ්‍ය නිලධාරීන් හා ආරක්ෂක අංශ විසින් පියවර ගෙන තිබිණි.

මේ අනුව නල්ලූර් කෝවිලේ වාර්ෂික ප්‍රධාන දේව මෙහෙයන් වෙනුවෙන් ඉතිහාසයේ අඩුම පිරිසක් සහභාගී වූ වසර 2020 වසර වන බවටත් එය කොරෝනා අවදානම හේතුවෙන් ලෝ වැසියන්ටම බලපා තිබූ හෙයින් මෙවැනි ඉරණමක් අත් වූ අතරම ලබන වසරේ දී හෝ සියලු බැතිමතුන්ට නල්ලූර් කෝවිලේ වාර්ෂික දේව මෙහෙයන් වෙනුවෙන් සහභාගී වීමට අවස්ථාව උදාවේවා යන්න පිළිබඳව ද කෝවිල් භාරකාර මණ්ඩලය විසින් දේව කන්නලව් කිරීම ද සිදු විය.



අදහස් (0)

නල්ලුර් කෝවිලේ වාර්ෂික මංගල්‍යය ආරම්භ වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 155 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 953 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site