
පෙන්සිල්වේනියා මැතිවරණ රැලියේ වෙඩි ප්‍රහාරයෙන් නූලෙන් බේරුණු එලැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක මෙන්ම හිටපු ජනාධිපතිවරයකු ද වන ඩොනල්ඩ් ට්‍රම්ප් විස්කොන්සින් ජනපදයේ මිල්වෝකී නගරය බලා පැමිණ සිටී.
ඒ, මිල්වෝකි නගරයේ පැවැත්වීමට නියමිත රිපබ්ලිකන් පක්ෂ සමුළුවට සහභාගී වීමටය.
නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ප්‍රධාන රිපබ්ලිකන් අපේක්ෂකයා ලෙම ට්‍රම්ප් නිල වශයෙන් පිළිගැනීම සිදුවනු ඇත්තේ මෙම රිපබ්ලිකන් පක්ෂ සමුළුවේදීය.
මිල්වෝකි රිපබ්ලිකන් පක්ෂ සමුළුව සැලැසුම් කර තිබුණේ මීට මාස ගණනාවකට පෙර සිටය. රිපබ්ලිකන් පක්ෂ සාමාජිකයන්, පක්ෂ ප්‍රධානීන් සහ ආධාරකරුවන් ඊට සහභාගී වී, ට්‍රම්ප් නිල අපේක්ෂකයා ලෙස නම් කිරීම සිදු කරනු ඇත. බොහෝ දෙනා විශ්වාස කළේ වෙඩි ප්‍රහාරයෙක් දිවි ගලවා ගත් ට්‍රම්ප් මෙම පක්ෂ රැලියට සහභාගී නොවනු ඇති බවය.
පෙන්සිල්වේනියා මැතිවරණ රැලිය අමතමින් සිටි ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාර 8 ක් එල්ල විය. එයින් එක් ප්‍රහාරයකින් ට්‍රම්ප්ගේ දකුණු කන තුවාල විය. එය බරපතළ තත්ත්වයක් නොවුණු බැවින්, රෝහල්ගත කර තුවාලයට බෙහෙත් දැමූ සැණින් ට්‍රම්ප් රෝහලෙන් පිටවී ගිය බව සීක්‍රට් සර්විස් හෙවත් ජනපති ආරක්ෂක අංශය පැහැදිලි කර තිබුණි.
ට්‍රම්ප් සහ ඔහුගේ කණ්ඩායම, ට්‍රම්ප්ගේ පෞද්ගලික ගුවන් යානයෙන් මිල්වෝකි බලා පැමිණියේ අවස්ථාවේ, ට්‍රම්ප් වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක් ලබා දෙන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇත.
කෙසේ නමුත්, ඝාතන තැතකින් දිවි ගලවා ගත්තත් ට්‍රම්ප් වෙනුවෙන් ලබා දෙන ආරක්ෂාවේ වෙනසක් සිදු කර නැති බවත්, අමතර ආරක්ෂක වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක නොකරන බවත් සීක්‍රට් සර්විස් ආරක්ෂක අංශ පැහැදිලි කර ඇත.
පෙන්සිල්වේනියා ජනපදයේ බට්ලර් ප්‍රාන්තයේ පැවැති මැතිවරණ රැලියේ දී ට්‍රම්ප්ට නිසි ආරක්ෂාවක් ලබා නොදුන් බවට සීක්‍රට් සර්විස් ජනාධිපති ආරක්ෂක අංශ සාමාජිකයන්ට චෝදනා එල්ල වෙයි. කෙසේ නමුත් ට්‍රම්ප් මේ සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක් සිදු කර නැත. තමන්ට කඩිනමින් ආරක්ෂාව ලබා දී, තමන් ආක්ෂා කර ගත් බවට ට්‍රම්ප් ඔහුගේ ආරක්ෂක කණ්ඩායමට, පොලිස් සහ හමුදා නිලධාරීන්ට ප්‍රසංශා කර තිබේ.
ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, එෆ්.බී.අයි. හෙවත් ඇමෙරිකන් ෆෙඩරල් පරීක්ෂකයන්ට පවසා ඇත්තේ තම ප්‍රතිවාදියා වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරක්ෂාවට තර්ජනයක් සිදුවූයේ කෙසේදැයි යන්න පිළිබඳ පුළුල් විමර්ශනයක් පවත්වන ලෙසය.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
75
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2020
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නූලෙන් බේරුණු ට්‍රම්ප් යළි මැතිවරණ වේදිකාවේ