







(ප්‍රසන්න පත්මසිරි)
බිබිල නිල්ගල ඖෂධීය වනය මැද විශාල ගස් ආධාරකරගනිමින් මේ දිනවල ගුරුළුරාජ පැළෑටිය සරුවට වැඩී එහි දම් පැහැති මල් පිපී තිබේ.
ඌව පළාතට අනන්‍ය පුෂ්පය වන්නේද මේ ගුරුළුරාජ මලයි. සෑම වසරකම ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ නිල්ගල වනයේ මේ මල් පිපෙන්නට ගනී.
ගුරුළුරාජ පැළෑටිය වන සත්ව හා වෘක්ෂලතා ආඥාපනත යටතේ ආරක්ෂිත ඉතා දුර්ලභ ගණයේ ඒකදේශික උඩවැඩියා ශාකයකි.
ආදිවාසීන් ඇතුලු දේශීය වෛද්‍යවරුන් සර්ප විස, හිසේ අමාරුව, බඩේ අමාරුව, සෙම, ඇදුම, වැනි රෝග සඳහා අතීතයේ සිට ගුරුළුරාජ මල ඖෂධීය මලක් ලෙස භාවිත කරන බව රතුගල ආදිවාසී නායක සුදාවන්නිල ඇත්තෝ කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතු කෑල්ලක් ගන්න බැරිද ?
මේ මගේ මාතෘභූමිය මොනතරම් ලස්සන මෙන්ම සුන්දර බිමක්ද...? එනමුත් අපගේ ගති පැවතුම්වලින් හිඟන දේශපාලනයේ මොනතරම් අසුන්දර, අසීලාචාර මිනිසුන් කොට්ඨාශයක් ඉන්නවද...?
ෆොක්ස්ටේල් නේද?
දැන් ඉතින් ඒ පැළෙත් වනසයි..