
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
කථානායක නිල නිවස මෙරට සියලුම තලයන් නියෝජනය කරන මන්ත්‍රීවරයන්ට දැනුම ලබාදෙන මධ්‍යස්ථානයක් බවට පත් කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පැවසුවේය.
ජාත්‍යන්තර සම්බන්ධතා, මුල්‍යනීතිය, ආණ්ඩුකරණය යනාදී විෂයයන් සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභා, පළාත් සභා සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරයන්ට අවශ්‍ය දැනුම මෙම මධ්‍යස්ථානය ඔස්සේ ලබාදීමට සැලසුම් කර ඇති බවත් මෙම මධ්‍යස්ථානය ගුණාත්මක සහ ප්‍රමාණාත්මක පර්යේෂණ සඳහා ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ පර්යේෂණ මධ්‍යස්ථානයක් බවට පත්කිරීමටද යෝජනා කර ඇති බවත් කථානායකවරයා තවදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.
කථානායකවරයා මේ අදහස් පළකලේ යුරෝපා සංගමය මගින් ක්‍රියාත්මක කරන Inter Pares ගෝලීය ව්‍යාපෘතියේ ප්‍රධානී, ආචාර්ය ජොනතන් මර්ෆි (Dr.Jonathan Murphy) සහ Inter Pares වැඩසටහන් කළමනාකරු, ඉන්ග්‍රිඩ් වෝකර් මහත්මිය (Ms. Ingrid Walker) ඇතුළු දුත පිරිස පාර්ලිමේන්තුවේදී හමුවූ අවස්ථාවේදීය.
මෙම හමුව සඳහා පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර, සහකාර මහලේකම් හංස අබේරත්න මහත්ම මහත්මීහු ද එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතානායක නිල නිවස වර්තමාන කතානායකට ඕන ඕන විදියට භාවිතා කරන්න බෑ. ඊළඟට පත්වෙන කතානායක ඕක කනපිට හරවන්න යන වියදම දරන්න වෙන්නෙත් රටේ ජනතාවටමයි.
මොන සෙල්ලම් දැම්මත්, මොන මැජික් පෙන්නුවත්, ජනතාව ඔබලාව අනිවාර්යයෙන්ම ගෙදර යවනවාමයි.