
(නිමල කොඩිතුවක්කු)
පාරිභෝගික ජනතාව නොමැතිවීමෙන් නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය අද (17) දිනයේ පාලු සබාවයක් ගෙන තිබිණ.
මේ හේතුවෙන් ඊයේ දිනයේ බොහෝ වෙළඳසැල් වසා තිබෙනුද දක්නට ලැබිණ.
එළවලු සහ පළතුරු මිළ ගණන්ද වෙනදාට වඩා සාපේක්ෂව මිළ ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.
ඒ අනුව කැරට් කිලෝවක් රුපියල් 400ක්, වම්බටු කිලෝවක් 440ක්, බටු කිලෝවක් 320ක්, දඹල කිලෝව 360ක් බණ්ඩක්කා කිලෝව 400ක් රට අල කිලෝව 260ක් ලංකා අල කිලෝව 380ක් බී ලූණු කිලෝව 240ක් කොස් කිලෝව 200ක් පේර කිලෝව රුපියල් 500 ක්, දිවුල් කිලෝව 450ක්, අලිපේර කිලෝව 500ක් පැෂන් කිලෝව 400 ක් ලෙස අළෙවි වූ බව පාරිභෝගිකයෝ කියති.
සුදු කැකුලු කිලෝවක් රුපියල් 240ක් ලෙසත්, කීරි සම්බා කිලෝව 260ක් ලෙසත්, බාස්මති තකිලෝව 440ක් ලෙසත් පරිප්පු කිලෝව 600ක් ලෙසත් කඩල කිලෝව 630ක් ලෙසත් මුං ඇට කිලෝව 870ක් ලෙසත් අළෙවි විය.
බිත්තරයක් රුපියල් 40ත් 43ත් අතර මිළකට අළෙවි වූ බවත් ඔව්හු පවසති.
මීගොඩ සහ බෝකුන්දර ආර්ථික මධ්‍යස්තානද ජනතාව නොමැති වීමෙන් පාලු සබාවයක් ගෙන තිබූ බවත් වාර්තා විය.
මේ හේතුවෙන් එලවලු සහ පළතුරු අළෙවි කිරීමට නොහැකිව දැඩි දුෂ්කර තත්වයකට පත් වූ බවත් වෙළොන්දෝ පවසති.
(ඡායාරූප: ශාන්ත රත්නායක)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධි වේගයෙන් සියල්ල අමතක කර දමා ගමන් කිරීම වෙනුවෙන් දඬුවම් කිරීමට ස්වභාව ධර්මයා විසින් පියවර ගෙන ඇත. දැන්වත් අපි අපිම ගෙවත්තේ වවාගෙන කෑමට හුරු වෙමු....