(රංජන් කස්තුරි)

නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් ක්‍රියාවිරහිත කර තිබේ.

නොරොච්චෝල බලාගාරයේ මෙගාවොට් 300ක් වන තුන්වන ජනන යන්ත්‍රය නඩත්තු කටයුතු වෙනුවෙන් නතර කර තිබෙන බව ද විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා කියයි

සති දෙකක පමණ කාලයක් එම ජනන යන්ත්‍රය ක්‍රියා විරහිත කර තිබෙන බව ද ඔහු පවසයි.

තවත නොරොච්චෝල බලාගාරයේ පළමු ජනන යන්ත්‍රෙය් නඩත්තු කටයුතු  ජූනි මස 15 වැනි දින ආරම්භ කරන බව ද සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කරයි.