
ලෙඩ, දුක් කරදරවලින් හිත, ගත නිදහස් කර ගැනීමම ලොකු දිනුමකි. රෝගී තත්ත්ව සේම විවිධාකාරයේ ප්‍රශ්න බොහොමයකින්ම බැට කන වකවානුවකදී අපගේ නිරෝගීමත්භාවය එයාකාරයටම රඳවා ගැනීම නම් අභියෝගයකි.
සෞඛ්‍යය නගා සිටුවීම වැදගත් වන්නේ ඇයි සහ එමගින් ලැබෙන ප්රතිලාභ කවරේද යන්න මෙවර විමසා බලමු.
1) දිගුකල් ආයු විඳීමේ අපේක්ෂාව ඉටු වේ.
වඩා වැඩි කාලයක් නිරෝගීව විසීමට කොයි කවුරුත් කැමැතියි. ලෙහෙසියෙන් සහ පහසුවෙන් නිරෝගීභාවය ළඟා කර ගත නොහැකියි. සමහර වැරැදි පුරුදු වෙනුවට හොඳ පුරුදු ආදේශ කොට ගනිමින් නිවැරැදි ජීවන රටාවකට අපි අනුගත විය යුත්තෙමු. වැරැදි පුරුදු අතර දිගු කලක් පුරාවට මත්පැන්වලට, දුම්වැටියට ඇබ්බැහිව ඇත්නම් ඒ පුරුදුවලින් නිදහස් වීමට සූදානමක් තිබිය යුතුයි. ඒ අනුව ආයු කාලය වසර 14කින් දිගු කරගැනීමට හැකි වනු ඇතැයිද පර්යේෂකයෝ පෙන්වා දෙති.
2) නිරෝගීව සිටිය යුතුයැයි සිතීමත් හොඳ හැඟීමකි
3) ප්‍රීතිමත්භාවය ලැබේ.
4) එවිට වයස් ගත වුවද සතුටින් සිටිය හැකියි.
5) අපගේ මනෝභාව වැඩි දියුණු කර ගත හැකියි.
6) ආත්ම විශ්වාසයක් ගොඩ නඟා ගත හැකි වනු ඇත.
7) ආතතිය පාලනය කර ගැනීමට හැකියි.
8) ඕනෑම දෙයකට තදින් ඇබ්බැහි වීමේ නරක පුරුද්ද නවතිනු ඇත.
ඇබ්බැහියක් වුවද එක්තරා ප්‍රමාණයකට තබා ගැනීම සුදුසුයි. එනම් මධ්‍යස්ථව එය පවත්වා ගැනීම ඔබගේ කාර්යයකි.
9) මහලු කලද ඇස් පෙනීමේ දෝෂ රහිත වීම.
මෙහිදී හෘද වාහිනී රැකේ. නැවුම් ආහාර, නිවැරැදි පෝෂණය ලැබීම නිසා මහලුව ගියද පෙනුම සම්බන්ධව ඔබ තෘප්තියකින් කල් ගෙවනු ඇත.
10) ඔබ නිරෝගී වීම තුළම විවිධාකාරයේ රෝග සඳහා අවදානම අඩුවේ. නිරෝගීව හිඳීම නිසා රෝහල් ගත වීමක් නැත.ඔබගේ මුදල් ඉතිරි කර ගැනීමට හැකියි.
11) අභිමානය පවත්වා ගෙන යාමට හැකියි.
ඔබ නිරෝගීව විසීමේ ක්‍රියාදාමය අනාගත පරපුරටද ආදර්ශයක් වනු නියතය. අපිට අදට වඩා හෙට දිනය ගැන සුබවාදී බලාපොරොත්තු තබා ගැනීම පහසුවනු ඇති.
-සටහන- මාධවී ධර්මරත්න
2025 නොවැම්බර් මස 04
78
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2020
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නිරෝගී වීමෙන් ලැබෙන වාසි