
(අංජුල මහික වීරරත්න)
ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) මහලේකම් එම්.ඒ. සුමන්තිරන් සහ පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහත්වරුන් අතර හමුවක් කොළඹදී සිදුව තිබේ.
ජාතික ජන බලවේග රජයට එරෙහිව විපක්ෂය විසින් සංවිධානය කරන මහජන රැලිය පිළිබඳව දැනුවත් කිරීම සඳහා සුමන්තිරන් මහතා හමුවූ බව නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ITAK පක්ෂය මෙම විරෝධතා රැලියට සහභාගී නොවන නමුත්, විපක්ෂයේ ප්‍රධාන පක්ෂයක් වන ඔවුන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන ලද බවද රාජපක්ෂ මහතා කියයි.
දිගු කලක් ප්‍රමාද වී ඇති පළාත් සභා මැතිවරණය තවදුරටත් කල් දැමීමකින් තොරව පැවැත්වීමේ අවශ්‍යතාවය පිළිබඳව තමා සහ සුමන්තිරන් මහතා මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කළේ යැයිද නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාව එළවපු දූෂිත පව්ල් පාලනේ හොර පෙරකදෝරුවා. ඡන්දෙන් පැරදෙන බව දැනගෙන ජාතික ලැයිස්තුවෙන් රින්ගා ගෙන පොරක් වෙන්න හදනවා. සාටකයෝ දූෂිතයෝ ආර්ථික ඝාතකයෝ මිනිමරුවෝ පට්ට හොරු බලලෝභී, බඩගෝස්තරවාදියෝ, ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු, රීරි මාන්ස හූරාගෙන කාපු තමුන්ලා ගැන කවර කතාද?...
අනුර ළඟ තිබ්බාම නාමල් කවුද?