IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


නම කිව්වේ නැතැයි සීලරතන හිමියෝ තරහ වී යති

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂ සංවත්සර රැස්වීමේදී තමාගේ හෝ තම පක්ෂයේ නම කීවේ නැතැයි කියා ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ සංවත්තර රැස්වීමෙන් අද (20) නැගිට ගියහ.

"මොන දුකක්ද මහත්තයෝ මේ.මේ⁣ පක්ෂ මොනවද?තලතා අතුකෝරලට මගේ නම මතක නෑ .මුන්ට පිස්සු.

එක්සත් ජාතික පක්ෂය විසින් මට ආරාධනා කළා. ඒක නිසා මම ආවා.අපි ඔහේ යන්නං වාලේ පුටුවක වාඩි කරලා තිබ්බා.ඒ ගොල්ලන් සියලු දේශපාලන පක්ෂ වල නම් ගම් කතා කළා.පක්ෂ නායකයන්ගේ නම් කිව්වා. හැබැයි ජන සෙත පෙරමුණේ නමක් වත් කිව්වේ නෑ.

ඒ කියන්නේ අපේ ජනසෙත පෙරමුණ මේ ගොල්ලන්ට පක්ෂයක් නෙමෙයි.

අපේ සහයෝගය කිසිම වෙලාවක දෙන්නෙත් නෑ.දෙන්න බලාපොරොත්තුවකුත් නෑ.

අනුර ජනාධිපතිවරයා එන්න කිව්වත් මම ඒවට යනවා.මහින්ද මහත්තයා කතා කළත් යනවා .මොනවද මේ පක්ෂ"යනුවෙන්ද බත්තරමුල්ලේ  සීලරතන හිමියෝ සංවත්සර රැස්වීමෙන් පිටතට පැමිණ මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් කීහ.

එක්සත් ජාතික පක්ෂයේ සංවත්සර  රැස්වීම බත්තරමුල්ල මොනාක් ඉම්පීරියල් හෝටලයේදී අද පැවැත්විණි.



අදහස් (9)

නම කිව්වේ නැතැයි සීලරතන හිමියෝ තරහ වී යති

Pankumburage Saturday, 20 September 2025 05:02 PM

පුදනකොටම කාපි යකා කිව්වලු. ඔහොම යං. ඔහොම යං.

:       0       0

කව්ද බෝයි Saturday, 20 September 2025 05:13 PM

හාන්ඳුරුවන්ට එන්න කිව්වේ හෝටලෙන් දෙන දෙයක් කාලා, වෙන දෙයක් බලාගෙන ඉන්න මිසක්, නම් ගම් කියවලා පබ්ලිසිටි දෙන්න නොවෙයි. ප්‍රථිපලය, කෑම එකකට පුටු ටික පුරවා ගන්න.

:       0       5

kasun Saturday, 20 September 2025 05:22 PM

මොවුන්ගේ සිවුර ගලවලා එළවලා දාන්න ඕනෑ. මේ අය තමයි සාසනේ කන්නේ..

:       0       3

Shantha Saturday, 20 September 2025 05:27 PM

පුදනකොටම කාපි යකා...

:       0       3

ලක් අම්මා Saturday, 20 September 2025 05:54 PM

පක්ෂයවත් හරියට කරගෙන යන්ඩ බැරි අයගේ කෙරුවාවල් ගැන නම් අපි මුල සිටම දැනගෙන හිටියා. පුදන කොටම කාපි යකා කිව්වලු.

:       9       30

Neel Saturday, 20 September 2025 07:26 PM

හොද වැඩේ... යනවාට...

:       0       2

අරවින්ද මොණරවිල Saturday, 20 September 2025 08:09 PM

අනේ සීලේ සොරි ආ... ඕකට ඔච්චර තරහ ගන්න එපා..

:       1       4

ගමේ එකාලා Saturday, 20 September 2025 08:12 PM

අඩුම ගානේ බුද්ධ චීවරයටත් ගරු කරන්ඩ තිබුණා. දූෂිතයෝ ටික එකට එකතුවෙලා රට ගිනි අවුල වන්නයි හදන්නේ..

:       1       2

දහම් Sunday, 21 September 2025 07:43 AM

1994 ඉඳන් පක්ෂෙට කරපු වින්නැහිය දැක්කාම හිතුනේ නැද්ද රටට කරන්නෙත් ඔය ටිකම කියලා...?

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site