(අංජුල මහික වීරරත්න)
මෙරට මුහුදු තීරය වටා පිහිටි ආකර්ෂණීය ස්ථාන හඳුනාගෙන ඒ සඳහා දෙස් විදෙස් සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමේ කඩිනම් වැඩපිළිවෙලක් සකස් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.
එවැනි ස්ථාන දියුණු කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු අනෙකුත් රාජ්‍ය ආයතන මෙන්ම පෞද්ගලික අංශයද සම්බන්ධ කරගනිමින් සුදුසු ආයෝජකයන් සොයාගන්නා ලෙසද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කීය.
වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවට විසින් දැනටමත් මෙරට වෙරළ තීරය ආශ්‍රිතව නව සංචාරක ස්ථාන 24 ක් හඳුනා ගෙන තිබෙන අතර ගඟේ වාඩිය, පුත්තලම කලපුව දූපත්, කුඩව, වයික්කාල, මීගමුව කලපුව, කපුන්ගොඩ, ප්‍රීතිපුර, කොක්ගල කලපුව, සීතගල්ල, රැකව කලපුව, ලුනම කලපුව, මලාල ලේවාය, කිරින්ද, කුනුකලේ බීච්, එලිෆන්ට් රොක්, සලතිව් දූපත, තඹලගමුව බේ, ගවනර් ඔෆිස්, උප්පුවේලි, සම්පල්තිව් බීච්, අර්යමල්ල බීච්, නයාරු බීච්, නන්දිකඩාල් බීච්, සන්තකුලම් බීච් මෙලෙස නව සංචාරක කලාප ලෙස හඳුනාගෙන තිබේ.
ආර්ථික සම්පත් බහුල මෙරට වෙරළ තීරය කිලෝමීටර 1620ක දිගකින් යුතුවේ.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවැසූයේ මෙරට වෙරළ පරිසරය ආරක්ෂා කර ගනිමින් රට වටා වෙරළ තීරය විධිමත්ව සංවර්ධන කිරීමෙන් ආර්ථික අර්බුද වලට විසඳුම් සොයාගත හැකි බවයි.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නන්දිකඩාල් වෙරළත් සංචාරක කලාපයක් කරයි
සල්ලි Monday, 10 July 2023 10:29 PM
මේකාලා අතන මෙතන කියෝපුවා මේකේ දාන්නේ අපි කොයි තරම් අවාසනාවන්ත ද?
Bamunuarach chi Tuesday, 11 July 2023 03:06 AM
අමුඩයක් ගහගෙන නන්දිකලාල් කලපුවේ ඉන්න ප්‍රබාකරන් ගේ පිළිරුවක් හදමු
Chamal Tuesday, 11 July 2023 10:20 AM
මේ මෝඩයගෙ කයිය විතරයි.