
(පද්මා කුමාරී කංකානම්ගේ )
නිදානයකින් ලබා ගත්තේ යැයි සැළකෙන මැණික් ගලක් යැයි සැකකටයුතු ගලක් විකිණීමට සූදනමින් සිටි පුද්ගලයන් තිදෙනකු නොරොච්චෝල පොලිසිය කල්පිටිය තිහලිය ඒත්තාල ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගෙන ඇත.
මැණික් ගල විකිණීමට තැත් කළ පුද්ගලයන් දෙදෙනා තිහලිය හා ආලංකුඩාව පදිංචි වයස අවුරුදු 34 හා 51 වන අය වෙති.
මොවුන් දෙදෙනාගෙන් එක් අයකු, මීට පෙර ද නිදන් හෑරීමේ චෝදනාව මත කල්පිටිය පොලිසිය මගින් අත් අඩංගුවට පත් වූ,නඩු කෘත්තියක් සහිත පුද්ගලයෙකි.මණික් ගලේ ගැනුම්කරු ලුණුවිල වෙන්නප්පුව පදිංචි වයස් අවුරුදු 56 ක අයෙකි.
නොරොච්චෝල පොලිස් ස්ථානාධිපති එස්.ධර්ම කුමාර මහතා පැවසුවේ,මෙම සැක කටයුතු ගල මැණික් ගලක් යැයි තහවුරු කර ගැනීම පිණිස මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙතින් වාර්තාවක් කැදවන බව ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වේයන්ගොඩින් ගත්තු එකක්ද දන්නේ නෑ.